වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




කාන්තාවන්ට සටන් කලාව

කාන්තාවන්ට සටන් කලාව

බොලිවුඩයේ සුපිරි ක්‍රියාදාම වීරයා වූ අක්ෂේ කුමාර් සටන් ජවනිකා, ත්‍රාසජනක දර්ශන සඳහා ආදේශ නළුවන් යොදා නොගන්නෙකි. ආදේශ නළුවන් යොදා ගත්ත ද ඔහුගේ වසර විසි හතරක සිනමා ජීවිතයේදී ඒ කිසිවකුටත් අනතුරක් සිදු වී නැත. ‘සියල්ලටම පෙර ආරක්ෂාව’යන්න අක්ෂේ අකුරටම පිළිපැදීම ඊට හේතුවයි.

මෑතකදී රූපවාහිනි නාළිකාවක ඔහුට සෝනක්ෂි සමඟ වෙඩි තබන දර්ශනයකට පෙනී සිටීමට තිබුණු අතර කිසිවෙක් තුවක්කුවේ උණ්ඩ තිබෙනවාදැයි සොයා බැලුවේ නැත. එහෙත් අක්ෂේ තුවක්කුව පරීක්ෂා කළ විට උණ්ඩයක් තිබී ඇත.

කළු පටිධාරී ටයිකොන්ඩෝ (Taekwondo) ශූරයකු වන අක්ෂේ මෑතකදී තායිලන්තයට ගොස් මුවේ තායි ක්‍රීඩාවට ද සහභාගි වූයේය. මේ දිනවල ඔහු රංගනයට අමතරව කාන්තාවන්ට සටන් කලාව ඉගැන්වීමේ සමාජ සද්කාර්යට ද අත ගසා ඇත.