වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




දඩකෙළි අරණ ඇරඹේ

දඩකෙළි අරණ ඇරඹේ

මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන මුල් මාලා නාටකයේ අධ්‍යක්ෂවරයෙක් වන සුමිත් රෝහණ තිත්වැල්ලගලගේ නවතම ටෙලි නිර්මාණකරණය ‘දඩකෙළි අරණ’ හී මුහුරත් උළෙල පසුගියදා පැවැත්විණ. සැණකෙලියේ දඩකෙළියක් වූ රූපණවේදිනියකගේ හදවිල සක්මන යනුවෙන් තේමාව ලබා දී ඇති මෙහි මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර, සරත් දික්කුඹුර, බුද්ධික ජයරත්න, චින්තක කුලතුංග, නයනා කුමාරි, ග්‍රේස් තෙන්නකෝන්, සුසන්තා චන්ද්‍රමාලි, තිසුරි යුවනිකා, ශලනි තාරකා, ගයත්‍රි ඩයස්, උදිත් අබේරත්න, රමේෂ් උවයිස්, ශෙහාන් කොඩිකාර ආදීන් රංගනයෙන් දායකවීමට නියමිතය.

දඩකෙළි අරණ අජිත් මෙන්ඩිස්ගේ තිර රචනයකි. රොහාන් ජයන්ත් කොඩිකාර මෙහි නිෂ්පාදකවරයාය. කුමාර ගලහිටියාව අංග රචනයෙන් එක් වෙයි.

ප්‍රියන්ත ප්‍රදීප් අංග රචනා ශිල්පියාය. රංජිත් සිල්වා කලා අධ්‍යක්ෂණයෙන් ද, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, ඩබ්ලිව් රවීන්ද්‍ර සහය අධ්‍යක්ෂණයෙන් දඩකෙළි අරණ හැඩ කරයි. ජගත් වීරතුංග සංස්කරණ ශිල්පියාය. රංජිත් ලක්ෂ්මන් නිෂ්පාදන කළමනාකරු වේ.