වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




හිරු වෙතින් නවතම සිනමා සම්මාන උලෙළක්

හිරු වෙතින් නවතම සිනමා සම්මාන උලෙළක්
 

හිරු සිනමා උළෙල ගැන විරාජ් වැලිවත්ත කරුණු පැහැදිලි කරමින්

මෙරට සිනමා සම්මාන උලෙළ ඉතිහාසයට අලුතෙන් එක්වන නවතම සිනමා සම්මාන උලෙළ හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උලෙළ ඔක්තෝම්බර් 25 වැනිදා සවස 6.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කර ඇත.

හිරු ගෝල්ඩන් සම්මාන උලෙළ මූලික වශයෙන් එක් දිනයකින් අවසන් වන සිනමා සම්මාන උලෙළක් නොවන අතර ඒ සඳහා පූර්වාදර්ශයට ගෙන ඇත්තේ ජාත්‍යන්තර සිනමා උලෙළවල් සඳහා යොදාගන්නා ආකෘතිය.

ඒ අනුව මෙය ලාංකේය සිනමාව උදෙසා ලාංකේය භූමියේ පැවැත්වෙන අන්තර්ජාතික මට්ටමේ පළමු සිනමා සම්මාන උලෙළ වනු ඇත. මෙම සම්මාන උලෙළට සමගාමීව හිරු රූපවාහිනිය ඔස්සේ සම්මාන උලෙළට සහභාගී වන සිනමාපට පිළිබඳව වැඩසටහනක් ROAD TO FESTIVAL යන නමින් විකාශය වන අතර විනිශ්වයෙන් පසුව සම්මාන සඳහා නිර්දේශිත වන සිනමාපට ආශ්‍රිතව සිනමා කෘතියක් ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම තරඟය සඳහා 2012 – 2013 වසරවල මෙරට නිර්මාණය කළ චිත්‍රපට ඇතුළත් වේ.