වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




සිකුරු හතට පසු ගිරා ‘සුහද කොකා’ අරඹයි

සිකුරු හතට පසු ගිරා ‘සුහද කොකා’ අරඹයි

ටී. වී. ටී. චිත්‍රපට නිෂ්පාදනයට එක් වෙයි

සිකුරු හතේ සිනමාපටයෙන් රටක් හිනැස්සූ ගිරිරාජ් කෞශල්‍ය සිය දෙවැනි සිනමා කෘතියෙහි මූලික වැඩ කටයුතු ඉකුත් සිකුරාදාවේ උදෑසන රාජගිරිය සවරින් හෝටල පරිශ්‍රයේ පැවති මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ කළේය.

සිකුරු හතේ මෙන්ම ප්‍රහසන සිනමාපටයක් වන මෙය නම් කොට ඇත්තේ සුහද කොකා යනුවෙනි.

ගිරිරාජ් කෞෂල්‍ය කලකට ඉහත දී පිටපත රචනා කළ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක් වූ එතුමා ටෙලි සිතුවමේ චරිතයන් මෙම චිත්‍රපටය හරහා රිදී තිරයට පැමිණෙනු ඇත.

සුහද කොකා ටී. වී. ටී. ආයතනය වෙනුවෙන් රවීන්ද්‍ර ගුරුගේ නිෂ්පාදනය කරයි. මෙය එම ආයතනයේ පළමු නිෂ්පාදනය වේ.

විජය නන්දසිරි, කුසුම් රේණු, ඩබ්ලිව්. ජයසිරි, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, රොඩ්නි වර්ණකුල, ලාල් කුලරත්න, මිහිර සිරිතිලක, ගිරිරාජ් කෞශල්‍ය, ලලිත් ජනකාන්ත රංගනයෙන් සහ ප්‍රියන්ත සෙනෙවිරත්න, දමිතා අබේරත්න, පියුමි ශානිකා ගරු රංගනයෙන් සුහද කොකා හැඩ කරයි. ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයකි. රවීන්ද්‍ර ගුරුගේ සුහද කොකා සංස්කරණය කරයි.

තුසිත අනුරාධගේ කැමරා අධ්‍යක්ෂණයකි. ඉමල් ශානක පීරිස් අංග රචනා ශිල්පියාය.

කලා අධ්‍යක්ෂණයෙන් සිරිනාථ වික්‍රමසිංහ ද, ඇඳුම් නිර්මාණයෙන් මනෝජ් වික්‍රමසිංහ ද, රුවන් බණ්ඩාර සහ සුජිත් පෙරේරා සහාය අධ්‍යක්ෂණයෙන් ද, සනත් මැදිවක නිෂ්පාදන විධායකයෙන් මේ සඳහා එක් වෙයි.