|
අර්ජුන්ගෙන් අහන්න
* ‘හීන හතක් මැද විමනක් සැදුනයි’ ගීතය ඇතුළත් චිත්‍රපටය සහ එහි රඟපෑ නළු නිළියන් ගැන හැඳින්වීමක් කරන්න. සුනිල් චන්ද්‍රසේකර කොටුගොඩ මේ ගීතය ඇතුළත් වෙන්නේ ගැටවරයෝ චිත්‍රපටයේ. එහි ගාමිණී ෆොන්සේකා, සෝබනී අමරසිංහ, ජෝ අබේවික්‍රම, කාල් ගුණසේන, නිල්මිණි ද සිල්වා, ලක්ෂ්මී බායි, හෙක්ටර් ඒකනායක ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වුණා.
* ලෝක සිනමාවේ අති විශිෂ්ඨතම වූත් අද්විතීය වූත් මහා සිනමාකරුවා සිසිල් බී ඩිමෙල් බවයි අපේ අදහස. ඒත් ලෝක සිනමාවේ අතිශයෙන්ම භාව්‍යාත්මක වූත් සිනමාත්මක වූත් සම්භාව්‍ය මහා සිනමාකරුවා සත්‍යජිත් රායි බවත් අපේ අදහසයි. මේ ගැන ඔබේ අදහස දැනගන්න කැමැතියි? එන්. ඩබ්. පී. පෝල් පෙරේරා කුලියාපිටිය සිසිල් බී. ඩිමෙල් ලෝක සිනමාවේ පරිපූර්ණ සිනමාකරුවෙක්. මානව සබඳතා ගොඩ නැගීම ගැන සත්‍යජිත් රායි ඉහළින් කතා කරන සිනමාකරුවෙක්. ඔවුනට ඔබේ තියෙන ගෞරවය ගැන කිසි ගැටළුවක් නැහැ. මම කැමතිම සිනමාකරුවන් අතර රායි නම් රැඳී සිටිනවා.
* රන්ජන් රාමනායක මහතාගේ ලිපිනය යොමු කරන්න. රංජනී සෙනෙහෙලතා හල්මිල්ලවැව
ඩී 4,
* පැරැණි චිත්‍රපට කිහිපයක්ම නැවත රූපගත කර නව නිෂ්පාදන ලෙසින් තිරගත වුණත් ඒවා පැරැණි චිත්‍රපට තරමට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත්තේ නැහැ නේද? එහෙම වෙන්නේ මොකද අයියේ? කමලා සෙනෙවිරත්න හෝකන්දර දකුණ කමලා, ඒකට හේතුව පරණ චිත්‍රපට නැවත හැදුවත් ප්‍රේක්ෂකයන් අලුත් කියන එක සිනමාවේ අය තේරුම් නොගැනීමයි.
* ටෙලි නාට්‍ය ක්ෂේත්රය ලිංගික වෙළෙඳපොළට ස්ත්‍රීන් සපයන මධ්‍යස්ථානයක්ද? චාමර විජේසිංහ පිළියන්දල කලා ක්ෂේත්රය එහෙම පහත් තත්ත්වයට වැටිලා කියලා හිතෙන්නේ නැහැ. ඕනෑම ක්ෂේත්රයක කීර්තිය නැති කරන අන්දමේ පුද්ගලයන් සිටින්න පුළුවන්.
* ස්වර්ණවාහිනී නාළිකාවේ වැඩ සටහන් මෙහෙය වන ළහිරු මුදලිගේ ගේ ලිපිනය හා උපන් දිනය ලබා දෙන්න. පොලින් වික්‍රමසිංහ මැවනැල්ල.
උපන් දිනය – 1984. 04. 05
* අද අවශ්‍ය වෙන්නේ චිත්‍රපට සංරක්ෂණාගාරයක් නොව වටිනා චිත්‍රපට ඩී. වී. ඩී. ලෙස සකසා ආරක්ෂාවට ක්‍රමවේදයක් නේද? ආනන්ද වික්‍රමආරච්චි ඉහළ තල්දූව සංරක්ෂණාගාරයක් අත්‍යවශ්‍යයි. එවිට චිත්‍රපට ඩී. වී. ඩී. ලෙසින් දැකගත හැකියි.
* අපේ රටේ නළු නිළියන් දේශපාලන ලොවට පිවිසීම ගැන ඔබ දරණ අදහස කුමක්ද? කිත්සිරි ගුණසේන, කන්දෙගෙදර විමල් රණසිංහ, ග්‍රෑන්ඩ්පාස් මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වල, කෑගල්ල, දේශපාලනය කරන්න පුළුවන් කියන විශ්වාසය තමන්ට තියෙනවා නම් කලා වෘත්තියේ ගෞරවය දිනාගත් කෙනෙකු එහෙම කළාට වරදක් නැහැ.
* ගාමිනී ෆොන්සේකා සහ මාලිනී ෆොන්සේකා අවසන් වරට එකට රඟපාන ලද චිත්‍රපටය කුමක්ද? ආර්. ඒ. අමරසිංහ කැලණිය අන්තිම රැය.
* එච්. ආර්. ජෝතිපාල ගයන ‘පාලු සුසානේ’ ගීතය ‘අමාන්තය’ චිත්‍රපටයට ගැයූ ගීතයක්ද? මානෙල් ධර්මා ඒකනායක මාතලේ. ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ ගීතයක්.
* ලැඩී රණසිංහ සමඟ රෝහිණී ජයකොඩි චිත්‍රපටවල රඟපා තිබේද? ඒ. ජී. සුමනසේකර යටියන්තොට. ‘ඔව්’. සූරයා චිත්‍රපටයේ රඟපෑවා.
* සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර්, කේ. ගුණරත්නම් සහ එස්. එම්. නායගම් යන අයගෙන් අති සාර්ථක ව්‍යාපාරිකයා ලෙස ඔබ දකින අය නම් කරන්න. සිංහල සිනමාව වෙනුවෙන් මොවුන් කළ මෙහෙය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න. එම්. එම්. ගීරරත්න බටපොළ. අති සාර්ථක ව්‍යාපාරිකයා ලෙස මා දකින්නේ ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර්. හැබැයි මගේ මතයේ හැටියට දක්ෂතම පුද්ගලයා නම් කේ. ගුණරත්නම් බවයි. ඔහු බිංදුවෙන් පටන් අරගෙන ඉහළටම ගිය පුද්ගලයෙක්. ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් හට පරම්පරාවන් උරුම වූ ව්‍යාපාරයන් තිබුණා. එස්. එම්. නායගම් ව්‍යාපාරිකයකුට වඩා පුරෝගාමියෙක් බවයි මගේ හැඟීම.
* 2013 වසරේ තිරගත වූ සිංහල චිත්‍රපටවලින් ඔබ ආසවෙන් චිත්‍රපට කීයක් නැරැඹුවාද ඒ අතරින් ඔබ වඩාත්ම කැමැත්තක් දක්වන සිත්ගත් චිත්‍රපටය සමනල සංධ්වනිය කියලා මට හිතන්නේ? මම හරි නේද? කරු මන්දාවල නාත්තණ්ඩිය පසුගිය වසරේ මම සිංහල චිත්‍රපට 8 ක් නැරැඹුවා. ඒ අතරින් චිත්‍රපට තුනකට මම වඩාත් කැමැත්තක් දැක්වූවා. සමනල සංධ්වනිය, නිකිණි වැස්ස, සිරි පැරකුම් ඒ චිත්‍රපට තුනයි.
* 2012 වසරේ චිත්‍රපට කීයක් ප්‍රදර්ශනය කළාද? ඒවා පිළිවෙලින් නම් කරන්න. සරත් සේනාධීර ජාඇල 2012 වසරේදී චිත්‍රපට 16 ක් ප්‍රදර්ශනය කළා. සක්විති දඩයම, මාතා, කුස පබා, වස්සානයේ සිහිනය, කුරුමිට්ටෙක් ඇවිල්ලා, විජය කුවේණි, සුපර් සික්ස්, සිහිනය දිගේ එන්න, දරුවනේ, සෙනසුරු මාරුව, කර්ම, කලර්, ප්‍රතිරූ, මවුස්, ඉනියවන් (ශ්‍රී ලාංකික දෙමළ චිත්‍රපටය), ජීවිතය ලස්සනයි එම චිත්‍රපට දහසයයි.
|