වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපටයේ රූ ගත කිරීම් අරඹමින්

චිත්‍රපටයේ රූ ගත කිරීම් අරඹමින්
 

චිත්‍රපට අධ්‍යක්‍ෂ

ප්‍රසන්න විතානගේ

මම මේ සතිය ආරම්භ කරන්නේ මගේ මීළඟ චිත්‍රපටය සමඟිනුයි. ඒක වෘත්තාන්ත චිත්‍රපටයක්. මෙරට සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය කෙරෙන මෙහි නළු නිළියන් ගේ රංගනයන් සමඟ මෙම සිදුවීමට මුහුණ දුන් චරිත ද මුසු වීම විශේෂයක්.

ඒ අනුව මේ සතියේ දී මම මේ චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ මෙරට ප්‍රදර්ශන කටයුතු වෙනුවෙන් ද සූදානම් වෙනවා.