වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




රසිකයකුගේ සිහිනය

රසිකයකුගේ සිහිනය

එච්. ආර්. ජෝතිපාල කියන්නේ මෙරට සංගීත ලෝලීන් කාගේත් හිත් දිනා ගත් ගායකයෙක්. පරම්පරාවෙන් පරම්පරාවට ජනප්‍රිය වන ඔහුගේ ගීතවලට අදත් තියෙන්නේ එදා වගේම ජනප්‍රියත්වයක්.

වර්තමාන පරම්පරාවට ඔහු හැබැහින් දැක ඇසුරු කරන්න වරම් නොලැබුවත්, එදා ඔහුට ආදරය කළ රසික ජනතාව වගේම ඔහුගේ ළඟින් හිටපු හිතවතුනුත් හැමදාම කියන්නේ ඒ අසහාය ගායකයා ඇසුරු කරන්නට ලැබීමත් විශාල භාග්‍යයක් කියලයි.

දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් වන අමාත්‍ය මර්වින් සිල්වා මහතාත් ජෝතිට ළෙන්ගතු අය අතර ප්‍රධාන චරිතයක්.

ජෝතිට වගේම එතුමා කලාවට දක් වන්නේත් විශාල ළෙන්ගතුකමක්. ඇමතිතුමා ජෝතිට කෙතරම් ඇළුම් කළා ද කියනවා නම් පසුගිය කාලයේ දවසක එතුමා පවසා තිබුණේ තමන් කවදා හරි මියගිය දිනයක එච්. ආර්. ජෝතිපාලයන්ගේ සොහොන් කොත අසලින් භූමිදානය කරන ලෙසයි.

ඒ වගේම ජෝතිගේ සොහොන් කොත අසල බිම්කඩ තමාටම වෙන් කර ගන්නත් එතුමා මේ ළඟදී දවසක කටයුතු කළා.

මිය යන්නත් කලින් භූමදානය වෙනුවෙන් බිම් කොටසක් වෙන් කර ගන්න කිසිවෙකු හිතන්නේවත් නැති කාරණාවක්. ඒත් මර්වින් ඇමැතිතුමා එහෙම කළේ ජෝතිට තියෙන ළෙන්ගතුකම නිසාමයි.