වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




බොලිවුඩ් පෙම්වතුන්ගේ පාරාදීසය ලංකාව

බොලිවුඩ් පෙම්වතුන්ගේ පාරාදීසය ලංකාව

අපේ සුන්දර ශ්‍රී ලංකාව බොලිවුඩයේ සුපිරි පෙම්වතුන්ට සුපිරි පෙම් පරාදීසයකි. කත්‍රිනා කායිෆ් ලද විවේකයේ සතුට උපරිම ලෙසින් භුක්ති විඳීමට පසුගිය පළමුවැනිදා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය නැවත ඉන්දියාවට ගොස් ඇත්තේ මාර්තු හතර වැනිදායි. රන්බීර්, ශ්‍රී ලංකාවේ රූගත කෙරෙන ‘බොම්බෙ වෙල්වට්’ සමඟ තවමත් කාර්යබහුලය.

කත්‍රිනා, රිතික් රොෂාන්ගේ ‘බෑන්ග් බෑන්ග්’ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටින්නීය. විවේකයක් ලද ඇසිල්ලේ අය රන්බීර් සොයා පැමිණියාය. පසුගිය වසරේත් කත්‍රිනා, රන්බීර් සොයා ලංකාවට පැමිණියාය.

කාර්යබහුලත්වය නිසා රන්බීර්ට සහ කත්‍රිනාට මෙවර වැලන්ටයින් දිනය සැමරීමට ද ඉඩක් ලැබුණේ නැත. මේ සංචාරය නිසැකවම ඒ අඩුව සම්පූර්ණ කරන්නට ඇත.