|
පන්තියේ මුල්ම දවසේ ශිෂ්‍යාවක හපා කාලා
විද්‍යාඥයෙකු, ව්‍යාපාරිකයෙකු හා නව නිර්මාණකරුවෙකු වූ පීබොඩ් මහතා ෂර්මන් නැමැති අට හැවිරිදි කුඩා දරුවෙකු හදා වඩා ගනී. තම පාසැල් දිවියේ පළමු දිනයේදීම ෂර්මන් විසින් ශිෂ්‍යාවක වන ජෙනී පීටර්සන් සපා කනු ලබයි. ඉතිහාස පන්තියේදී ජෝර්ජ් වොෂින්ටන්ගේ ජීවිතය ගැන වාදයකට පැටලීම මෙයට හේතු වෙයි. මේ වරද නිවැරදි කර ගැනීමට පීබොඩ් මහතා ජෙනීහට සිය නිවසට ආරාධනා කරයි. එහිදී ජෙනී සමඟ කතා කරන ෂර්මන් ඇයට පීබොඩ් මහතා විසින් නිපදවන ලද කාලය හරහා ගමන් ගන්නා යන්ත්‍රය පෙන්වයි. මෙහිදී දෙදෙනාම කාලය හරහා අතීත ඊජිප්තුව වෙත ගමන් කරන අතර එහිදී ජෙනීව දකිනා ටට් රජුට ජෙනී විවාහ කර ගැනීමට උවමනා වෙයි. ෂර්මන් වහාම පීබොඩ් මහතා රැගෙන යාමට පැමිණෙයි. ජෙනීගේ දෙමව්පියන් දැන ගැනීමට පෙර මේ දෙදෙනාට ජෙනී වර්තමානය කරා රැගෙන ඒමට හැකි වේවි ද ? ඒ බව කියන්නේ Mr. PEABODY & SHERMAN චිත්‍රපටය යි. ත්‍රිමාණ පරිගණක සජීවකරණ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Mr. Peabody & Sherman 1960 දශකයේ විකාශය කෙරුණු The Rocky and Bullwinkle Show කාටුන මාලාවේ body’s Improbable කොටස ඇසුරින් නිර්මාණය කර තිබේ. රොබ් මිනිකොෂ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙනුවෙන් හඬ දායකත්වය ලබා දෙන්නේ යටි බියුරෝල්, මැක්ස් චාල්ස්, එරියල් වින්ටර්, ලෙස්ලි මාන් ඇතුළු පිරිසක් විසිනි. මිනිත්තු 92ක කාලයක් පුරා දිවෙන මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 145ක පිරිවැයක් යොදා නිර්මාණය කරන ලද්දකි. පසුගිය පෙබරවාරි 7 වැනිදා එක්සත් රාජධානියේත් මාර්තු 7 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේත් තිරගත වීම ආරම්භ කළ Mr. Peabody & Sherman චිත්‍රපටය හෙට (14) සිට වැල්ලවත්ත සැවෝයි 3D සිනමාහලේදී ලාංකේය ප්‍රේක්ෂකයන්හට ද නැරඹීමේ අවස්ථාව උදාවෙනු ඇත. ) |