|
Top Tenප්‍රෝසන් තවමත් හොඳම දහයේ
ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Non- Stop පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 15.4ක ආදාමක් ලබමින් තෙවැනි ස්ථානයට පත්ව සිටින්නේය. පිල් ලෝර්ඩ් සහ ක්‍රිස්ටෝපර් මිලර් අධ්‍යක්ෂණය කළ The Lego Movie සිව්වැනි ස්ථානයේ පසු වේ. එය අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දර්ශකයේ පසුගිය සති අන්තයේදි එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 11ක්. ජේසුතුමන්ගේ ජීවිත කතාව පදනම් කරගනිමින් ක්‍රිස්ටොපර් ස්පෙන්සර් අධ්‍යක්ෂණය කළ Son of God චිත්‍රපටයට පස්වැනි ස්ථානය හිමිවී තිබේ. ජොර්ජ් ක්ලූනි අධ්‍යක්ෂණය කළ The Monuments Men චිත්‍රපටයට හිමිව තිබෙන්නේ හයවැනි ස්ථානය යි. ක්‍රියාදාම චිත්‍රපටයක් වන 3 Days to Kill හත්වැනි ස්ථානයට පැමිණෙන විටදී අටවැනි ස්ථානය හිමිකර ගන්නේ අමෙරිකානු ප්‍රදර්ශනයේ දහසය වැනි සතිය ගත කරන Frozen පරිගණක සජීවකරණ චිත්‍රපටය යි. මෙවර ඇකඩමි සම්මානයෙන් පිදුම් ලද ස්ටීව් මැක්වීන් අධ්‍යක්ෂණය කළ 12 Years a Slave අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතර නමවැනි ස්ථානයේ පසුවේ. ක්‍රියාදාම චිත්‍රපටයක් වන Ride Along චිත්‍රපටයට හිමි වන්නේ දසවැනි ස්ථානය යි.
|