|
නොඉඳුල් රූමතියන් ගේ ලේ සුවඳට පෙම් බැඳි අන්ධකාරයේ කුමාරයා, ඩ්‍රැකි්‍යුලා
එයට වසර 10 කට පමණ පෙර විනාශයට පත් වූ ඩ්‍රකි්‍යුලා සිටුවරයා ගේ මිනී අළු සඟවා ඇත්තේ එම මන්දිරයේ රහස් උමඟක් තුළ ඇති කුටියකය. මෙතෙක් කල් ඒවා ආරක්‍ෂා කළේ ඩ්‍රකි්‍යුලා ගේ සුවච කීකරු ගෝලයා වන, ක්ලව් නමැති රථ රියැදුරා විසිනි. සංචාරකයන්ට උණුසුම් භෝජන සංග්‍රහයක් පවත්නවන ක්ලව් එදින රාත්‍රී ඔවුනට නවාතැන් සැපයීමට ද ඉදිරිපත් වෙයි. දෙගොඩහරි යාමයේ උමඟ තුළට වදින ක්ලව් ඔහුගේ රුධිරය ඩ්‍රැකියුලා ගේ මිනී අළු මතට වෑහෙන්නට සලස්වා නැවත ඩ්‍රැකි්‍යුලා ප්‍රකෘති තත්ත්වයට පත් කරවයි. ක්ලව් පසුපස රහසේ ගමන් ගන්නා ඇලන් මෙම බියකරු සිදුවීම සියැසින් දකියි. පසුදා උදයේ අවදිවන චාර්ල්ස් හා ඩයනාට ඇලන් හා හෙලන් දක්නට නොලැබෙයි. මන්දිරයේ ක්ලව් ද පෙනෙන්නට නොමැති හෙයින් ඔවුන් විමතියට පත්වෙයි. ස්ථානය ගැන සැකපහළ කළ චාර්ල්ස් ඈතින් තිබුණු දර මඩුවක ඩයනා රඳවා ආපසු මන්දිරයට යන්නේ හෙලන් සහ ඇලන් සෙවීමටයි. මේ අතර ඩයනා සොයා යන ක්ලව්, ඈ රවටා නැවත මන්දිරයට රැගෙන එයි. උමඟ තුළ පෙට්ටියක බහා ඇති ඇලන් ගේ කීතු කරන ලද සිරුර චාර්ල්ස්ට හමුවන්නේ මෙහිදීය. මන්දිරයට ගෙන ආ ඩයනාට හෙලන් හමුවෙයි. එහෙත් ඒ වනවිටත් ඇය ඩ්‍රැකි්‍යුලා ගේ ශාපයට හසුවී ලේ උරාබොන යකින්නක් වී හමාරය. ඇය ඩයනාට පහර දෙන්නට පැනගෙන එයි. එහිදී ඩ්‍රැකි්‍යුලා පැමිණ ඇය බේරාගනියි. එහි පැමිණෙන චාර්ල්ස් ඩ්‍රැකි්‍යුලාගෙන් ඩයනා මුදා ගැනීමට සටන් කරද්දී ඈ විසින් වැම්පයවරුන් මෙල්ල කළ හැකි කුරුස සලකුණ පිළිබඳ ඔහුට සිහිගන්වයි.
මෙම චිත්‍රපටයේ නැවත වතාවක් ඩ්‍රැකි්‍යුලා ගේ චරිතය ක්‍රිස්ටෝපර් ලී විසින් රඟපානු ලබයි. චිත්‍රපටය පුරාවට ක්‍රිස්ටෝපර් ලී විසින් එකදු වචනයක් කතා නොකිරීම මෙහි ඇති විශේෂත්වයකි. ක්‍රිස්ටෝපර් ලී ඒ පිළිබඳ පැවසුවේ ‘මා තිර පිටපත කියවා බැලුවා. එහි මා දෙබස් කීවේ නම් නිෂ්පාදකවරුන්ට ඔවුන්ගේ ජීවිතයේ කළ ලොකුම වැරදීම සිදුවන්නට තිබුණා’ යනුවෙනි. ‘වැම්පයවරුන් කිසිදා කතාබහ කරන්නේ නැහැ. ඒ නිසා මා ඔහුට දෙබස් ලිව්වේ නැහැ.’ තිර නාටක රචක සැන්ග්ස්ටර් අදහස් දැක්වූයේ ඒ අයුරිනි. ‘පි‍්‍රන්ස් ඔෆ් ඩාක්නස්’ චිත්‍රපටය නිෂ්පාදනය වන්නේ 1966 වසරේදි යි. අධ්‍යක්‍ෂණය කළේ ටෙරන්ස් ෆිෂර්, හැමර් චිත්‍රපට සමාගම වෙනුවෙන් නිෂ්පාදනය ඇන්තනි නෙල්සන් කීස් ගෙනි. සංගීතය ජේම්ස් බර්නාඩ් සැපයූ අතර නිෂ්පාදන සැලසුම් බර්නාඩ් රොබින්සන් විසින් සිදු කෙරිණි.
කලින් නිපැයූ බ්‍රයිඩ්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා චිත්‍රපටයේ රඟපෑම ප්‍රතික්‍ෂ්ප කළ ක්‍රිස්ටෝපර් ලී මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කළා. සුරූපී බාබරා ෂෙලී ඩ්‍රැකි්‍යුලා ගේ ශාපයට හසු වූ ලේ පිපාසිත හෙලන් කෙන්ට් ගේ චරිතය රඟපෑවා. සැන්ඩෝ පියතුමා ලෙස රඟපෑවේ ඇන්ඩෲ කයර්. ෆ‍්‍රැන්සිස් මැතිව්ස්, චාර්ල්ස් කෙන්ට් ලෙසත් සුසන් ෆාමර් ඩයනා කෙන්ට් සහ චාර්ල්ස් ටින්ග්වෙල්, ඇලන් කෙන්ට් ලෙසත් රංගනයට එක් වූ අතර කැත, හිරිකිත, අප්‍රසන්න පෙනුමකින් යුත් ක්ලව් හෙවත් ඩ්‍රැකි්‍යුලා ගේ සුවච කීකරු අතවැසියා ලෙස රඟපෑවේ ෆිලිප් ලැට්හැම් විසිනි.
චිත්‍රපටය හා බැඳුනු තවත් විශේෂත්වයක් නම් මෙම චිත්‍රපටය සමඟම එම දර්ශනතල සහ නළු
නිළියන් යොදවා ‘රස්පුටින් ද මෑඩ් මන්ක්’ නමින් තවත් අද්භූත ක්‍රියාදාම චිත්‍රපටයක්
නිපදවීමයි. රූ ගත කිරීම් අතරතුර ප්‍රධාන නිළි බාබරා ෂෙලී මුව පැලඳි උල් දත් කුට්ටම හදිසියේ ගිලී යෑම අපූරු සිදුවිමක් වුණා. ලුනු වතුර කොප්ප ගණනාවක් පොවා වමනය කිරීමට සැලැස්වීමෙන් එය නැවත එළියට ගැනීමට නිෂ්පාදක කණ්ඩායම වහා පියවර ගත්තේ, රබර්වලින් සාදන ලද එවන් උල් දත් කුට්ටමක් එම ස්ථානයේ තවත් නොතිබීමත්, බාබරා වෙනුවෙන් දත් කුටටමක් සපයා ගැනීමේ වෙනත් විකල්පයක් නොතිබූ නිසා බවත් කියැවේ. 1966 ජනවාරි 9 දා මහජන ප්‍රදර්ශනය සඳහා මුදාහල බ්‍රිතාන්‍ය පවුම් 100,000 ක වියදමින් නිමවූ චිත්‍රපටය ලද බොක්ස් ඔෆීස් ආදායම ඇමෙරිකන් ඩොලර්ස් 364,937 කි. බ්‍රිතාන්‍යයේ ස්ටුඩියෝ කැනල් ආයතනය විසින් චිත්‍රපටයේ බ්ලූ රේ පිටපතක් 2012 මාර්තු 5 දා ‘ඩ්‍රැකි්‍යුලා - ද ෆි‍්‍රන්ස් ඔෆ් ඩාක්නස්’ නමින් වෙළෙඳ පොළට නිකුත් කරන ලදී.
‘ඩ්‍රැකි්‍යුලා නැවත මිනී වලෙන් නැගිටියි’, ‘ටේස්ට් ද බ්ලඩ් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ ලබන සතියේ.
ආනන්ද දිසානායක |