|
රිෂි එන්ජලා ගැන සොයා බලමු
නම කියන්නකෝ?
වෘත්තීය? මෝස්තර නිරූපණය. හැබැයි දැන් රංගනයටත් අවා.
ඒ ගැනත් කියමු? පළමුව මං රඟපෑවේ වෙළෙඳ දැන්වීමක. ඊට පස්සේ ටෙලි නාට්‍යකට කතා කළා.
ඒ මොකක්ද? විමෝජා නිලන්ති නිෂ්පාදනය කරන සඳසේයා. එහි අධ්‍යක්ෂණය තිෂූල දීප තඹවිට අයියා. සඳසේයා හී ඔබ කවුද? මම පවනි.
පවනි කියන්නේ? හිතුවක්කාරියක්.
ඔබත්? අපෝ මා පවනි තරම්ම හිතුවක්කාර නැහැ.
ඒත් ඔබේ පෙනුමෙ තියනවා පොඩි ආඩම්බරකමක්? වෙන්න ඇති. ඕක මට කලින් සමහර අය කියලා තියෙනවා. කොහොම හරි ඒ කියපු අයම පහුකාලීනව කිව්වා මං හරිම නිහතමානියි කියලා.
ඇයි මෝස්තර නිරූපණයට යොමු වුණේ? ආසාවට.
ඒ වෘත්තියට ලංකවේ කොච්චර දුරට පිළිගැනීමක් තියෙනවාද? ඒක ගැන නම් කියන්න අමාරුයි. ඒත් මට හොඳයි.
මෝස්තර නිරූපණය ද නිළිකම ද වඩාත් හොඳ? මගේ ගමන ආරම්භ කළේ මෝස්තර නිරූපණයෙන්. දැන් මම නිළියක්. නිළිකමට ආදරේ හිතෙනවා ඉන් ලැබෙන ජනප්‍රියකම එක්ක.
රඟපාන්න ලේසි වුණාද? ඒක ගැන නම් කියන්න ඕනෑ. මට මුලදි ගොඩක් අමාරු වුණා රගපාන්න. සඳසේයා කණ්ඩායමේ හැමෝම වගේ මට උදව් කළා.
රංගනය එපා වුණේ නැද්ද? කොහෙත්ම නැහැ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ රඟපෑමට ආදරයක් ඇති වුණා.
රංගනයේදී ගොඩක් කැප කිරීම් කරන්න ඕන නේද? රංගනයට විතරක් නෙවෙයි, ඕනෑම ක්ෂේත්රයක ඉදිරියට යන්න කැප විය යුතුයි.
කටකතා ගැන මොකද කියන්න තියෙන්නේ? අපි කොහොම හිටියත් හැදෙන කතා නම් නවත්වන්න බැහැ. ඒක නිසා කටකතාවලට නම් බය නැහැ.
රිෂිගේ උපන් දිනය කවදාද? 1988. 03. 18
මොකක්ද රිෂිගේ පෙට් නේම් එක? රිෂිම තමයි.
එතකොට ඉගෙන ගත්තු පාසල? මං ඉගෙන ගත්තේ මැලේෂියාවේ.
ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත්? සංකීර්ණ කෙනෙක් වගේ පෙනුනට මං අන්තිම සරල කෙනෙක්.
|