|
ලෙඩේට වැඩිය මට තියෙන්නේ හිතේ අමාරුව
එන්සිනා කියන දුක්බර කතාව
දිගු කලකින් එන්සිනා කෝපි කඩයට ආවේ නැත. ගම සිසාරා පැතිරුණ කොච්චි මිරිස් වන් ඇගේ කටහඬ වසරක් තිස්සේ අතුරුදන්ව ගොසින්ය. යස අගේට හිටිය එන්සිනාට මොකද වුණේ? බොහෝ දෙනෙකුට ඇගේ රුව කෝපි කඩයේ නොතිබීම නොඅනුමානව ගැටළුවක් වන්නට ඇත. එන්සිනාට එසේත් නැතිනම් සුසිලා කූරගමට බොහෝ සෙයින් ආදරය කළ අපි ද ඇය පිළිබඳ සොයන්නට උනන්දු වූයෙමු. එන්සිනා ගැන හරියටම තොරතුරක් දැනගන්න පුළුවන් කාගෙන්ද? මා විමසූයේ අමිත්ගෙන්ය. සුගතංගෙන් ඇරෙන්න වෙන කාගෙන් එන්සිනා ගැන අහන්නද? ඔහු කීය. එන්සිනා අසනීප වෙලා මහ ගෙදර ගියා. එයාට ගොඩක් අමාරු වුණා. සුගතං පැවසූයේ වික්ෂෝප සිතිනි. නාරාහේන්පිට දාබරේ පාරේ මීටර් සීයක් විතර ඉස්සරහට ගිහින් ඕන කෙනෙකුගෙන් අහලා බලන්නකෝ ටක් ගාලා එන්සිනාගේ ගේ පෙන්වයි. සුගතං කීවා නිවැරැදිය. එන්සිනාගේ නිවස පෙන්වන්නට දෙතුන් දෙනෙක්ම ඉදිරිපත් වූයේ ආරාධනයකින් තොරවය. මේ දරුවන්ට පයිං ඇවිල්ලා මහන්සිත් ඇති. එන්සිනා දියණියකට විධාන කළේ අප නිවසට ගොඩ වී වාඩි වෙන්නටත් පෙරය.
* සුසිලා අක්කේ, මොකද කාලෙකකින් කෝපි කඩේ පැත්තටවත් අවේ නැත්තේ? ඔයා නැතුව ගමම පාළුයි? ගහක් ගලක් වගේ අපූරුවට හිටිය මට හරිම කරදරයක් වුණේ දරුවෝ. එක පාරටම ඇෙඟ් ෂුගර් වැඩි වෙලා ඇඳට වැටුණා. කර කියා ගන්න දෙයක් නැති වුණා.
* ළඟදිද? නැහැ. දැනට අවුරුදු එක හමාරකට කලින්. අඩුම ගාකෙ කොළඹදිවත් නෙවෙයි මාව අසනීප වුණේ.
* ඒ කොහෙදීද? කලා කටයුත්තකට යන ගමන්ද? නැහැ. නැහැ, වෙනින් වැඩකට යන ගමන් තමයි මාව ලෙඩ වුණේ. මං කොහොමත් අනුන්ට උදව් කරන්න බලාගත්තු ගමංනෙ ඉන්නේ. ඔන්න මගේ යාළුවෙක් කිව්වා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොළොන්නරුව පැත්තේ ඉඩම් වගයක් බෙදනවා පුළුවන් නම් එකක් අරගෙන දෙන්න කියලා. එතුමාණන් මගෙත් එක්ක හිතවත්. මං ඒ විස්තරේ කිව්වම යාළුවත් එක්ක ඒ වැඩේට එන්න කිව්වා. යන අතරතුරදි වැඩිපුරම බිව්වේ පැනි බීම ජාති. එහෙදි මට වමනෙ යන්න ආවා. ඒත් ගියේ නැහැ. ඔළුවත් කැරකෙනවා. එන්න එන්න මේ තත්ත්වය වැඩි වුණා. මටවත් මතක නැහැ එදා කොළඹ ආපු විදිහ. කෙලින්ම මාව මහ ඉස්පිරිතාලයට ඇතුළත් කළාලු. මාස ගණනාවක් බෙහෙත් කෙරුවා. දැන් යන්තං ටිකක් හොඳයි. සුසිලා කූරගම යනු කලා ක්ෂේත්රයේ සිටි ඉතාම ජවසම්පන්න තැනැත්තියකි. ඕනෑම පොදු කලා කටයුත්තකදීී ඇය පෙනෙනන්ට සිටියාය. මේ හදිසි හුදකලා වීම සුසිලාට දරාගන්න බැරිව යන්නට ඇත. මට මේ මොකක්ද වුණේ කියලා හිතාගන්න බැහැ. හරියට කරකවලා අත හැරියා වගේ. ඇවිද ගන්නත් බැහැ. කකුල් අතපය ඉඳීමිලා. මෙලෝ රහක් නැති කෑම වර්ග කන්න නියම කරලා තිබුණේ. මේක මගේ කරුමයක් පඩිසං දීමක් වෙන්න ඇති කියලා හිත හදා ගත්තා. ඒ නිකම්ම නෙවෙයි. ආයෙමත් කවදා හෝ රඟපානවා කියලා හිත හදාගෙන.
සුසිලා අක්කා සෙමින් නැඟිට අසල ඇති සර්පිනාව අසලට ගියාය. සිය සැමියාවූ ඥාණතිලකගේ
උදව්වෙන් එහි පියන ඇරගත් ඇය එය වාදනය කරන්නට පටන් ගත්තේ පෙර පරිදිම මට පුළුවන් යන්න
විදහාපාමින්ය. වන්දනාවේ යමු පේවීලා තිසරණ සරණේ වඳින්ටා වඳින්ටා යන්න අටමස්ථානේ . . . දේවපුරේ දේ සිරි දේ පූජනීය ඒ නගරේ . . . සුසිලාගේ ගැයුමට අපගේ අත් එකට යා වුණේ ඉබේටමය.
* සුසිලා අක්කා කැසට් එකකුත් කළා නේද? ඔව්. ඒකේ නම ‘එන්සිනාස්ටර්’. ඒකත් මමම තමයි විකුණුවේ. එතකොටත් ෂුගර් කියලා ඩොක්ටර්ස්ලා පරිස්සම් වෙන්න කිව්වා. මොන පරිස්සම් ද පුතේ මං.
* දැන් ටිකක් අසනීපෙත් අඩු හින්දා රඟපාන්න ආවොත් නරකද? මට අද වෙන කොට යන්තම් අඩි දහයක් පහළොවක් ඇවිදගන්න පුළුවන්. අසනීප වුණ නිසා ගොඩක් දෙනා හිතන්නේ තවමත් මං ඇඳේ කියලා. දැනට එන්සිනා චරිතෙ නාට්‍යයෙන් අයින්වෙලා. මං මැරිලා නැහැනේ. මං මැරුණා නම් චරිතය අයින් කළාට කමක් නැහැ. මං හරිම ආසයි ආයෙත් එන්සිනා හැටියට රඟපාන්න එන්න. එතකොට මේ අසනීපත් අඩුම වෙලා යාවි. ඇත්තෙන්ම සුසිලා අක්කට මේ වන විට ඇත්තේ ගතේ ලෙඩකට වැඩිය හිතේ අමාරුවක් යැයි මට සිතේ. ඇගේ කතාව අසා ඇයව නැවතත් කෝපි කඩයට සම්බන්ධ කර ගන්නට ඊට සම්බන්ධ අයවලුන් ක්‍රියාත්මක වන්නේ නම් නැවතත් එන්සිනාගේ දෙවැනි ගමන සිදුවනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. මං කෝපි කඩේ මුල ඉඳලා ඉන්නවා. එන්සිනා කියන චරිතය නිසා තමයි මට අනෙකුත් නිර්මාණවලටත් රඟපාන්න ලැබුණේ. රඟපෑමෙන් මට සිතට සතුටක් දැනුණා. ගෙදරට වෙලා කල්පනා කරලා කල්පනා කරලා බතල ගෙඩියක් වගේ හිටපු මම කෙට්ටුත් වෙලා. මට කෝපි කඩේ සහ ස්වාධීන රූපවාහිනියේ යාළු මිත්‍රයෝ ලෙඩ වෙලා ඉද්දී මට උදව් කළා. ඒ වගේම ශිරන්ති මැඩම් මාව බලන්නත් ආවා. අපේ ඇමැති ටී. බී. ඒකනායක මහත්තයත් ගෙදරටම එනවා කිව්වා. දිනේෂ් ගුණවර්ධන මහත්තයත් කතා කෙරුවා. ඒ අයට තුති. විශේෂයෙන් සුගතංවත් මතක් කරන්න ඕනෑ. එයයි මමයි ෂෝස් ගණනාවක් කළා. මං ලෙඩ වුණායින් ඒවත් නැවතුණා. ඔහු නිතර නිතර හැකි පරිදි මං ගැන හොයලා බැලුවා. මට බෝධි පූජාත් තියනවලු. මේ වන විට එන්සිනා සමඟ පදිංචිව සිටින දියණියන් තිදෙනා සහ පුතුගේ බිරිය සහ මුණුබුරන් එන්සිනාව වට කරගෙන සිටීම කොතරම් විචිත්රදැයි අමිත්ට සිතුණ නිසා ඔහු එම දසුන කැමරාවේ සටහන් කර ගත්තේය. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. බොහොම ස්තුතියි මාව බලන්න ආවට. මාව එහෙනම් ඉක්මනටම එන්සිනාගේ චරිතයට ගනියි නේද? ඇය අවසන් කොට එසේ පැතුවේ දහසකුත් බලාපොරොත්තු ඇතුවය. මේ සුසිලාගේ දුරකතන අංකයයි. 0112503998.
|