දෙදෙනාම දියණියෝ
දෙදෙනාම දියණියෝ
රංගන ශිල්පිනී
චම්පා ශි‍්‍රයානි
පසුගිය කාලයේ මම කලා කටයුතු වෙනුවෙන් ලොකු කාලයක් වැය කළේ නැහැ. දියණියන් දෙදෙනාගේ
කටයුතු බලාගෙන බොහොම සතුටින් කාලය ගත කරන්නේ. මගේ ලොකු දුව පසුගිය දා පළමු පන්තියේ
සාමාර්ථයකින් උපාධිය ලැබුවා. ඒ වගේම ඇය බැච් ටොප් වුණා.
ඒක මගේ ජීවිතයේ ලැබූ ලොකුම
ජයග්‍රහණයක්. ගෙදර සහ දරුවන්ගේ කටයුතු නිසා මම ලොකු කාලයක් වැඩ කළේ නැහැ. සමහරු නම්
කිව්වේ ඒක අපරාදෙ කියලා. ඒක එහෙම නැහැ. මගේ දරුවො වෙනුවෙන් මම ඔවුන් ළඟම හිටියා.
පොඩි දුවට දැන් අවුරුදු දහතුනයි. ඔවුන්ගේ ජයග්‍රහණය තමයි මගේ සතුට.
මේ දවස්වල පි‍්‍රයාල් වීරසිංහගේ අලුත් ටෙලි නාට්‍යයකට සහ සුනෙත් මාලිංග ගේ මිල්ලෑවේ
වලව්ව කියන ටෙලි නාට්‍ය දෙකට දායක වුණා. පිටපතක් සහිත මට හොඳයි කියලා හිතෙන චරිතයක්
ලැබුණොත් ඉදිරියේ දී තවත් නිර්මාණ කටයුතුවලට දායක වෙන්න කැමැතියි.
|