වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




විනිශ්චය කටයුතු අතර කාර්යබහුල වෙලා

විනිශ්චය කටයුතු අතර කාර්යබහුල වෙලා
 

නාට්‍ය අධ්‍යක්‍ෂ

මංගල සේනානායක

මගේ කලා ජීවිතයේ වැඩකටයුතු අතර රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ සහ තරුණ සේවා සභාවේ නාට්‍ය උළෙලේ විනිශ්චය කටයුතු සමඟින් ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. ඒ වගේම ‘ජුලියස් සීසර්’ සහ ‘මඟුල් කෑම’ නාට්‍ය දෙකේ දර්ශන කිහිපයකුත් යෙදිලා තිබුණා.

දිවයිනේ දුෂ්කර පාසල්වල නාට්‍ය රසවින්ඳන වැඩසටහන් කිහිපයකුත් පවත්වා ළමුන්ට නාට්‍ය පිළිබඳ දැනුම ලබා දෙන්නත් කටයුතු කළා. ඒ පිළිබඳ හරිම සතුටුයි.

ඉදිරියේදී කවි පොත් දෙකක් සහ ශ්‍රී ලංකාවේ විකල්ප නාට්‍ය නම් මගේ පර්යේෂණ ග්‍රන්ථයක් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මගේ අලුත්ම නාට්‍යය වන ‘මරා ඉපැද්දවීම’ නාට්‍යයේ නළු නිළියන් තේරීම සහ නිෂ්පාදන කටයුතු මේ දිනවල කරගෙන යනවා. ලබන මාසය තුළ එහි පුහුණුවීම් ආරම්භ කර මේ අවුරුද්ද තුළ වේදිකා ගත කරන්න බලාපොරොත්තු වෙනවා.