රංගධරයකු ගේ සහතිකය
රංගධරයකු ගේ සහතිකය
රවීන්ද්‍ර රන්දෙණිය අපේ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණතම රංගධරයෙක්. රවීන්ද්‍ර රංගනයෙන්
දායක වන අලුත්ම චිත්‍රපටයයි රූපාන්තරණ. රවීන්ද්‍රට මේ චිත්‍රපටයේ රඟපාන්න ලැබුණේ
නවක නළු නිළියන් කිහිපදෙනකු සමඟයි. පසුගිය දවසක රවීන්ද්‍ර මේ ගැන අපූරු කතාවක්
කිව්වා.
“රූපාන්තරණ චිත්‍රපටයේ මට රඟපාන්න ලැබුණේ රංගන ක්ෂේත්‍රයට නවකයන් පිරිසක් සමඟ.
ඔවුන්ගේ ආධුනික බව මුලදීම කැපී පෙණුනා. ඇත්තම කිව්වොත් රඟපානවා තියා ඔවුන්ට ඒ
පිළිබඳ කිසිදු අවබෝධයක්වත් තිබුණේ නැහැ කියා මට මුලදිම වැටහුණා. මට බය හිතුනා මේ
අයත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා. අධ්‍යක්‍ෂ නාලක විතානගේ පසුව ඔවුන්ට මාස හයක
රංගනය පිළිබඳ පුහුණුවීමක් ලබා දුන්නා.
එයින් පසු මට හිතාගන්නවත් බැරි විදියට ඔවුන්
සිය රංගනයන් ඉදිරිපත් කළා. ඇත්තටම රංගනය හැදෑරීම වගේම, මෙරටට රංගන පාසලක ඇති
වටිනාකමත් මට මෙයින් හොඳින්ම වැටහුණා.” රවීන්ද්‍ර මේ ආධුනික රංගන ශිල්පීන් ගැනත්
ඔවුන්ගේ රංගනය ගැනත් සිය අදහස් පළ කළේ මෙන්න මේ ආකාරයෙනුයි. රවීන්ද්‍ර වැනි
ජ්‍යෙෂ්ඨයෙක් නවකයන්ගේ හැකියාවන් මේ විදියට අගැයීම එතැන සිටි සියල්ලන්ගේම පැසසුමට
ලක්වුණා.
|