මාලිනී ඔබ අපට ආඩම්බරයකි
මාලිනී ඔබ අපට ආඩම්බරයකි
අප නිළි රැජන මාලිනී ෆොන්සේකා යළිත් වරක් දේශීය සිනමාවට ජාත්‍යන්තර කීර්තිය අත්
පත්කර දෙමින් ප්‍රංශයේ ඩොවිලි ඒෂියා සිනමා උළෙලේදී බුහුමනට පත් වුූවාය. වසර පනහකට
ආසන්න ඇයගේ සිනමා රංගනය ජාත්‍යන්තරයේ පවා ඇගැයීමකට ලක් වනුයේ වරක් දෙවරක් නොවේ.
දහසය වැනි ඩොවිලි ඒෂියා සම්මාන උළෙලේදී මාලිනී වෙනුවෙන් යාවජීව සිනමා සම්මානය
පිරිනැමුණු අතර එහිදී ඇයගේ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් ද පැවැත්විණ. එහිදී ඇය
සම්මානය දෝතට ගත්තේ ඩෙවිලි නගරයේ නගරාධිපතිගේ සුරතිනි.
මාලිනී මේ ලද සම්මානය වෙනුවෙන් සරසවිය අප ද ඉත සිතින් සුබපැතුම් එක් කරමු.
|