ජූහිගේ කඳුළු
ජූහිගේ කඳුළු
මධූරී ඩික්සිත් සහ ජූහි චවුලා එකවර තිරයෙන් දක්නට වරම උදාකර දුන් සිනමාපටය ‘ගුලාබ්
ගෑන්ග්’ට ආරම්භයේදී ලැබී ඇත්තේ එතරම් හොඳ ප්‍රතිචාර නොවෙයි. සිනමාපටයට ලැබී ඇත්තේ
ඇල්මැරුණු ප්‍රතිචාරයි.
‘ගුලාබ් ගෑන්ග්’ සමඟ තිරගත වූ ටෝටල් සියප්පා, ක්වීන් ද එතරම් ආදරයෙන් ප්‍රේක්ෂකයන්
වැළඳ ගෙන නැත. සිනමාපට ත්‍රිත්වයෙන් යම් තරමක හෝ සාර්ථකත්වයක් ලබා ඇත්තේ රංගනා
රනවුත් රැඟූ ‘ක්වීන්’ය.
ජූහි චවුලාට මේ අසුබ පුවත ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීම හා සමානය. ඇයගේ සොයුරා
බොබී චව්ලා මාර්තු නව වැනිදා අලුයම දරුණු හදවත් රෝගයකින් මිය ගියේය. බොබී ෂාරුක්
ඛාන්ගේ සහ ජූහිගේ රෙඩ් විලීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කලක් සේවය
කළේය. 2010 වසරේ සිටම බොබී කෝමා තත්ත්වයෙන් පීඩා වින්ෙඳ්ය.
ෂාරුක් ඛාන්, ෆාරා ඛාන් ඇතුළු කලා ලොවේ විශාල පිරිසක් ඔහුගේ මරණය ගැන ශෝකය සමාජ
වෙබ් අඩවිවලට එක්කර තිබිණි.
ජූහිගේ ජීවිතයේ සමීපතමයන් තිදෙනාම දැන් සදහටම සමුගෙන අවසන්ය. මව, පියා හා සොයුරු
බොබී ඒ තිදෙනායි.
‘බොබී මට වඩා අවුරුදු අටක් වැඩිමල්. කුඩා වියේදී අපි දෙන්නා බල්ලයි පූසයි වගේ රණ්ඩු
වුණා. ඒත් පසුකාලීනව ඔහු මගේ ජීවිතයට දැවැන්ත ශක්තියක් වුණා. මවගේ මරණයෙන් පස්සේ
වෘත්තීය ජීවිතයේ රැකවලා වුණේ ඔහුයි. දැන් මට සිටින්නේ සැමියා ජායි විතරයි’ ජූහි
මාධ්‍යයට සිය කඳුළු එක් කළාය.
ඉරිදා සැඳෑවේදීම බොබීගේ අවසන් කටයුතු සිදු කරන ලදී.
චම්පිකා දීපානි රණසිංහ
|