වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




අභින සඳහා එක්වෙලා

අභින සඳහා එක්වෙලා

කුෂාණි සඳරේඛා

වැඩ කටයුතු රාශියක නියැළිලා ඉන්න නිසා මට කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ. පසුගිය දවස්වල කුවේට්වල ප්‍රසංගයකට සහභාගි වුණා. මම ගැයූ ගීතයක් රූප රචනාවක් සමඟ රසිකයන් අතරට පැමිණීමට නියමිතයි.

ඊට අමතරව මා ලියා ගැයුූ ගීතයක් ද ඔවුන් අතරට ළඟදීම පැමිණේවි. මගේ නිර්මාණ රැගත් ගීත ඇතුළත් සී. ඩී. පටයක් කිරීමේ අදහසක් ද මා සතුයි. නැටුම් හා හඬ පුහුණුවීම් පංති සමඟ අනෝජා විරසිංහගේ ‘අභින’ සඳහාත් මා දායක වෙනවා.