වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




රෝහණ කොස්තා රංගනයටත් කලා අධ්‍යක්ෂණයටත්

රෝහණ කොස්තා රංගනයටත් කලා අධ්‍යක්ෂණයටත්

සුදු ගින්දර, මිලා ටෙලි නාට්‍යයන්හි, එසේම රොකට් රජා පොකට් රජා චිත්‍රපටයෙහිත් සහය කලා අධ්‍යක්ෂ ඔහුය. ප්‍රවීණ කලා අධ්‍යක්ෂ ස්ටැන්ලිද සිල්වාගේ මග පෙන්වීම සහ උදව් උපකාර හේතුවෙන් රෝහණ කොස්තා ක්ෂේත්‍රය තුළ සහය කලා අධ්‍යක්ෂකවරයෙක් ලෙස ජනප්‍රිය චරිතයක් විය.

මොහු ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යයනය කර සිය ගමන්මග ආරම්භ කළේය.

චිත්‍රකතා පුවත්පත්වල තිබෙන චිත්‍ර දෙස කුඩා කාලයේ සිටම විමසිල්ලෙන් සිටි කොස්තා එහි සිත්තරුන්ගේ සිතුවම් දෙස බලා අඳින්නට පුරුදු පුහුණුවූයේය. මේ හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර සාම පදනමෙන් ලැබූ දැනුම ඔහුට භාග්‍යයක් විය.

මූර්ති, චිත්‍ර, කැටයම් ශිල්පියෙකු ලෙස නිර්මාණ කරණයේ නියැලී සිටින හෙතෙම තොරන් සඳහා චිත්‍රද ඉදිරිපත් කරයි. මේ අතර ඔහු පන්සල් චිත්‍ර ඇඳීම ද රැකියාව ලෙස තෝරාගෙන තිබේ. වැඩිපුරම සමාජ සේවා කටයුතු සඳහා යොමුවන කොස්තා තොරන් චිත්‍ර අඳින්නේ සමාජ සේවා කටයුතු සඳහා උරදෙන්නෙකු වශයෙනි.

තරුව විකිගේ වේදිකා නාට්‍යයේ රංගන ශිල්පියෙකු ලෙසින් ද දායකවන කොස්තා ඉදිරියේදී චිත්‍රපට ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් ක්ෂේත්‍රයේ රැඳෙන්නට බලාපොරොත්තු වෙයි. 2014 ජනවාරි 20 වන දින චිත්‍රශිල්පියෙකු ලෙසින් දේශමාන්‍ය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු ක්ෂේත්‍රයට පිවිසෙන්නට අතහිත දුන් සියළු දෙනා වෙනුවෙන් කෘතවේදීත්වය පලකිරීමට ද අමතක කළේ නැත.

සහය කලා අධ්‍යක්ෂවරයකු මෙන්ම, රංගන ශිල්පියෙකු ලෙසින් ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට බලාපොරොත්තුවෙන් සිටින රෝහණ කොස්තාගේ ලිපිනය 126/8, සුහද මාවත, හෝකන්දර.