වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




හැඳුනුම්පත් ලබා දෙන්න ඩොනල්ඩ් ජයන්තගෙන් ඉල්ලීමක්

හැඳුනුම්පත් ලබා දෙන්න ඩොනල්ඩ් ජයන්තගෙන් ඉල්ලීමක්

කලාකරුවන් වෙනුවෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුව නිකුත් කරන හැඳුනුම්පත ඇත්තටම කලාකරුවන්ගේ වෘත්තීය තහවුරු කරන්නට තිබෙන හොඳ සාක්ෂියක්. ඒ මඟින් ඔවුනගේ අනන්‍යතාවය ඕනෑම අයකුට ගැටලුවක් නැතිව නිරාකරණය කර ගන්නත් පුළුවන්. යම් කලාකරුවෙක් විදෙස් ගතවන විටත් මේ හැඳුනුම්පත ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා.

එසේ පවසන්නේ ප්‍රවීණ චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයකු වන ඩොනල්ඩ් ජයන්තයි. දැනට වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් සහාය අධ්‍යක්ෂණය කර තිබෙන ඩොනල්ඩ් ඉහත කාරණය අපට සිහිපත් කළේ සංස්කෘතික දෙපාර්තමේන්තුවට සිය කෘතඥතාවය ද පුද කරමිනි. එහෙත් ඔහු තවත් කරුණක් පිළිබඳ අප හා කතාබස් කළේ නොරිස්සුම් ස්වභාවයකිනි.

සංස්කෘතික දෙපාර්තමේන්තුවට තිබෙන වුවමනාව ඇත්තටම ජාතික චිත්‍රපට සංස්ථාවට නෑ. දැන් වසර කිහිපයක පටන් ඔවුන් කලාකරුවන් වෙනුවෙන් නිකුත් කරන විශේෂ හැඳුනුම්පත ලබා දෙන්නේ නෑ.

ඒක ඇත්තටම එක පැත්තකින් සිනමා ශිල්පීන්ට කරන අසාධාරණයක්. තව පැත්තකින් ඔවුන්ට කරන මදි පුංචිකමක්. ඒ නිසා නැවත එම හැඳුනුම්පත සිනමා ශිල්පීන්ට ලබා දී ඔවුනට ගෞරවණීය තත්ත්වයක් උදා කර දෙන ලෙස චිත්‍රපට සංස්ථා සභාපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. එය සමස්ත සිනමා ශිල්පින් වෙනුවෙන්ම කරන සාධාරණ ඉල්ලීමක්.