වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සති දෙකක් එකම චිත්‍රපටයක්

TOP TEN

සති දෙකක් එකම චිත්‍රපටයක්

අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට ගොන්නෙහි මෙම සතියේ පළමු ස්ථානය හිමි කරගෙන සිටින්නේ Transformers චිත්‍රපට මාලාවේ සිව්වැන්න වන Transformers : Age of Extinction චිත්‍රපටය යි. පසුගිය ආරම්භක සති අන්තය වන විටද ඩොලර් මිලියන 100ක ආදායමත් වාර්තා කළ එය මෙම සති අන්තයේදී ඩොලර් මිලියන 36.4ක ආදායමක් වාර්තා කළේය. මයිකල් බේ විසින් අධ්‍යක්ෂණය කළ විද්‍යාප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි මාර්ක් වේබර්ග්, නිකොල් පෙල්ට්ස් සහ ජැක් රේනර් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙති.

පසුගිය ජූලි 2 වැනිදා අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ Tammy බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දර්ශකයේ දෙවැනි ස්ථානයට පැමිණ තිබේ. හාස්‍යමය කතා තේමාවක් රැගත් මෙහි මෙලිසා මැකාර්ති, සුසැන් සැරන්ඩන්, ඇලිසන් ජැනී මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. බෙන් ෆැල්කෝන් අධ්‍යක්ෂණය කළ එය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 21.2ක ආදායමක් වාර්තා කළේය. ජූනි 02 වැනි දිනයේදීම ප්‍රදර්ශනය ආරම්භ කළ Deliver Us from Evil චිත්‍රපටයට තෙවැනි ස්ථානය හිමි වි තිබේ. අපරාධමය කතා පුවතක් ගෙන එන ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙය පළමු සති අන්තයේදී ඩොලර් මිලියන 9.5ක ආදායමක් ලැබීය.

ස්කොට් ඩෙරික්සන් අධ්‍යක්ෂණය කළ Deliver Us from Evil හි එරික් බානා, එඩ්ලාර් රමීර්ස්, ඔලිවියා මුන් රංගන දායකත්වය ලබා දෙති. පසුගිය සතියේ දෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටි 22 Jump Street මෙම සතියේදී සිව්වැනි ස්ථානයට පැමිණ සිටියි. පිල්ලෝර්ඩ් සහ ක්‍රිස්ටෝපර් මිලර් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 9.4ක්. පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වූ ඩීන් ඩිබ්ලොයිස් අධ්‍යක්ෂණය කළ How to Train Your Dragon  2 චිත්‍රපටයට පස්වැනි ස්ථානය හිමිව තිබේ. අමෙරිකානු ප්‍රදර්ශනයේ සිව්වැනි සති අන්තයේදී එය ලද ආදායම වූයේ ඩොලර් මිලියන 8.8කි.

විද්‍යාප්‍රබන්ධ පවුලේ චිත්‍රපටයක් වන Earth to Echo පසුගිය ජුලි 02 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කරන ලදී. ඩේව් ග්‍රීන් අධ්‍යක්ෂණය කළ මෙහි ටෙඕ හාම්, ඇස්ට්‍රෝ, රීස් හාර්ට්ව්න්ග් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. Earth to Echo සිය පළමු සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 8.2ක්. රොබට් ස්ට්‍රෝම්බර්ග් අධ්‍යක්ෂණය කළ සුරංගනා කතා පුවතක් ගෙන එන ක්‍රියාදාම චිත්‍රපටයක් වන Maleficent චිත්‍රපටය පැමිණ සිටින්නේ හත්වැනි ස්ථානයටයි. එය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 6.1ක ආදාමක් වාර්තා කර තිබුණි.

අමෙරිකානු ප්‍රදර්ශනයේ තෙවැනි සතියේ පසු වෙන Jersey Boys පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 5.2කි. ටිම් ස්ටෝරි අධ්‍යක්ෂණය කළ හාස්‍යමය චිත්‍රපටයක් වන Think Like a Man Too චිත්‍රපටය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 4.9ක ආදායමක් ලබා නමවැනි ස්ථානයට පැමිණ සිටියි. පසුගිය ජුනි 6 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ Edge of Tomorrow චිත්‍රපටය දසවැනි ස්ථානය හිමි කරගෙන සිටින්නේ ඩොලර් මිලියන 3.6ක සති අන්ත ආදායමක් ලබමිනි.