වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සුහානි රාත් මෙවර කිශෝර් කුමාර්

සුහානි රාත් මෙවර කිශෝර් කුමාර්

මෙම මස 15 වැනිදා එනම් එන අඟහරුවාදා රාත්‍රී 10.10 ට ජාතික නාලිකාවේ විකාශය වන සුහානි රාත් වැඩසටහන වෙන් වනුයේ කිෂෝර් කුමාර් වෙනුවෙනි. එය කොටස් දෙකක් යටතේ දිග හැරෙන අතර මෙදින විකාශය වනුයේ එහි පළමුවැන්නයි. සුහානි රාත් විනීතා කරුණාරත්නගේ අධ්‍යක්ෂණයකි. පිටපත සහ පූරක දායකත්වය නුවන් නයනජිත් කුමාරගෙනි.

බොලිවුඩ් සිනමාවේ අසහාය චරිතයක් වූ කිෂෝර් ගායකයකු, නළුවකු, ගීත රචකයකු, තනු නිර්මාපකයකු, තිර පිටපත් රචකයකු, නිෂ්පාදකවරයකු සහ අධ්‍යක්ෂවරයකු ලෙසින් දැක් වූ දස්කම් අපමණය. ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මානය අට වතාවක් දිනා ගත්තේය.