වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




මහරජ ගැමුණු අන්තර්ජාලයට

මහරජ ගැමුණු අන්තර්ජාලයට

ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමාපටය වූ මහ රජ ගැමුණු හී සියලු දත්ත ඇතුළත් වෙබ් අඩවිය www.maharajagemunu.lk  පසුගියදා අන්තර්ජාලයට මුදා හැරිණ. ඒ රංගන ශිල්පිණී කුසුම් රේණු අතිනි. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවති මෙම අවස්ථාව සඳහා චිත්‍රපටයට දායක වූ බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.

මහරජ ගැමුණු සිප්වින් චිත‍්‍රපට වෙනුවෙන් ගුණපාල රත්නසේකරගේ නිෂ්පාදනයකි.