වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




රාවණා ඉන් කොන්සට්

රාවණා ඉන් කොන්සට්

සංගීත අධ්‍යක්ෂ දිනේෂ් සුබසිංහ

මම මේ දවස්වල නව මුහුණුවරකින් යුතු ප්‍රසංගයක් සඳහා සූදානම් වෙමිනුයි සිටින්නේ. රාවණා ඉන් කොන්සට් නමින් තේමා වාදනයන්ගෙන් යුතුව මහනුවරදී පවත්වන්න සූදානම්.

මේ අවුරුද්දේ මම සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට පහක් තිරගත වෙනවා. දැනට ඉන් කිහිපයක් තිරගත වුණා.

ඊට අමතරව ස්වාධීන රූපවාහිනි සේවයේ 35 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් සංගීත අධ්‍යක්ෂණ කටයුතු භාර වෙලා තියෙන්නෙත් මට. එයත් මේ දවස්වල නිර්මාණය කරගෙන යනවා.