වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ජැකලින් ජැකී වගේලු

ජැකලින් ජැකී වගේලු

සල්මන් ඛාන් තමන් සීනත් ආමන්ට සමාන කිරීම නිසා මහත් චිත්ත පිඩාවට පත් වී සිටි ජැකලින් මවගේ ප්‍රතිචාරයෙන් සතුටට පත් වී සිටින්නීය. මව, ඇය උපමා කර තිබෙන්නේ හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකු වූ ජෝන් එෆ්. කෙනඩිගේ භාර්යාව ජැකී කෙනඩිටයි.

සල්මන් ඛාන් ජැකලින් ගැන කෙතරම් පැහැදුණා ද කිවහොත් ඇයට නිදන කාමර තුනක් තිබෙන තට්ටු නිවෙසක් බන්ද්‍රා පෙදෙසින් තෑගි දී තිබේ. සල්මන් මෙවැනි තෑගි දීම ගැන නම් දරා සිටින්නෙකි.

දැනට ජැකලින් ජීවත් වන්නේ කුලී නිවෙසකය. ඒ නිසා මේ නිවෙස ඇයට වටිනා බව නම් නොරහසකි.

ජැකලින් දැන් හුදෙකලා කිරිල්ලියකි. සජීඩ් ඛාන් සමඟ තිබූ සබඳතාව නිම වී අවසන්. ඇය තමන් තනි වී සිටීම ගැන සතුටු වන්නීය.