වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සෙල්ලම ලෙල්ලම වෙලා

සෙල්ලම ලෙල්ලම වෙලා

‘ඕ මයි ගෝඩ්’, අනේ මගේ දෙවියනේ තායිලන්තයේ සිට පැමිණි කුනාල් කපූර් දුටු විට ඕනෑම කෙනකුට සිතෙන්නේ එලෙසයි. ඔහුගේ කළු වූ ඇස්, කැඩුණු දත් තායිලන්තයේ ‘මුවේ තායි’ ක්‍රීඩාවට සහභාගිවීමෙන් ලද කටුක අත්දැකිමකි.

එහෙත් ඔහුට නම් එය ඉතා විනෝදජනකය. කුනාල් ‘ඕ මයි ගෝඩ්’ සිනමාපටයේ රඟපෑමෙන් මහත් සේ ජනප්‍රිය විය. අවසාන වරට ඔහු තිරයේ දක්නට ලැබුණේ ‘ලව් ෂව් තේ චිකන් කුරානා’ සිනමාපටයෙයි. කුනාල්, මෙගා තරුව අමිතාබ් බච්චන්ගේ ලේළිය (සොයුරාගේ දියණිය) නෙයිනා බච්චන් සමඟ විවාහ ගිවිස ගත්තේ මිට සිව් මසකට පෙරය.

තිස්හය හැවිරිදි කුනාල් මේ වසරේදී ‘කෝන් කිත්නේ පානි මෙයින්’ සිනමාපටයෙන් රසිකයන් අතරට එයි.