වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




අසුන් පදවලා පැසසුම් ලබලා

අසුන් පදවලා පැසසුම් ලබලා

මාධ්‍යවේදී හා රංගන ශිල්පී ගාමිණී

ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ චත්ත සෙනෙවිගේ චරිතය රඟපෑවා. එළාර රජුගේ ළඟම සිටින සෙනෙවියෙක් වන ඔහු දුනු හරඹයට වගේම අසුන් පදවන්න පුළුවන් දක්ෂයෙක්.

ඒ චරිතය මට සුවිශේෂයි. එහි අසුන් පැදවීමේදී ජයන්තගේ පැසසුම් ලබන්නට තරම් මම වාසනාවන්ත වුණා. ‘ඇඩ්රස් නෑ’ චිත්‍රපටයටත් රංගනයෙන් දායක වුණා.

වාසිත සමරනායකගේ ‘කුරුළු පිහාටු’ ටෙලි නාට්‍යයේ ජෝන්ගේ චරිතයට පණ පෙව්වා. ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි නාට්‍යයේ ඔස්කාගේ චරිතයට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.