වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




අලි බලන්න ගිහින්

අලි බලන්න ගිහින්

රංගන ශිල්පී සුනෙත් චිත්‍රානන්ද

අපි සියලු දෙනාම එකතු වෙලා අලුත් වැඩකට ආරම්භයක් දුන්නා. සති කිහිපයක්ම වගේ කලාවැව ආසන්නයේ පිහිටලා තිබෙන ගල්කිරියාගම කියන ගමේ කැලයට වෙලා අපි අලි බැලුවා.

දවස් කිහිපයක්ම එක දිගට කැලයේ තමයි අපි හිටියේ. ඒක අපට අපූරු අත්දැකීමක් වුණා. මේ විදියට අපි අලි බලන්න ගියේ අලුත්ම වෙනස්ම වැඩසටහනක් අරගෙන අපේ රසිකයන් අතරට එන්නයි.