වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




බිකිනි නැතුව

බිකිනි නැතුව

‘බිකිනි’ බොලිවුඩය ජය ගත හැකි ඉණිමඟක් ලෙස බොහෝ තාරකාවන් සිතා සිටිය ද සත්‍ය එය නොවෙයි. බිකිනි නොඇඳ සුපිරි මට්ටමට ළං වන තාරකාවෝ ද සිටිති. සෝනක්ෂි සිං රඟන සිනමාපටයෙන් සාර්ථක ප්‍රතිඵල ලබන්නියකි. ඇය කිසි දිනක බිකිනියකින් සැරසී නැත.

කාජල් ජනප්‍රිය හා දක්ෂ නිළියක ලෙස වැජඹෙන්නේ කිසි දිනක බිකිනියක් නොඇඳය. කාජල්ගේ ඥාති සොයුරිය රාණි මුඛර්ජි ද කාජල් ගිය මඟම ගිය තාරකාවකි. ඉන්දියානු ජාතික සම්මානලාභී විද්‍යා බාලන් විවිධ චරිතවලින් රංගනය මුවහත් කර ගත්ත ද බිකිනි චරිත නම් ඒ චරිත අතර නැත.