වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




පුඤ්ඤසෝමට හැත්තෑ පහයි

පුඤ්ඤසෝමට හැත්තෑ පහයි

ලිඩෝ සිනමාහලෙන් 13 වැනිදා තෑගි

උදයකාන්ත වර්ණසූරියගේ කොස්තාපල් පුඤ්ඤසෝම සිනමාපටයේ හැත්තෑ පස් වැනි දිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් මෙම මස 13 වැනිදා සවස බොරැල්ල ලිඩෝ සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

පුඤ්ඤසෝම සඳහා රංගනයෙන් දායක වූ මහේන්ද්‍ර පෙරේරා,ශ්‍රියන්ත මෙන්ඩිස්, දුලීකා මාරපන ඇතුළු නළු නිළියන් රැසක් සහභාගී වන මෙහිදී රාත්‍රී 7.00 දර්ශනය නැරැඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට ප්‍රවේශපත් දිනුම් ඇදීමෙන් මුදලින් ත්‍යාග මෙන්ම තවත් සුවිශේෂ තිළිණ රැසක් ද පිරිනැමෙනු ඇත.