වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ජියා ඛාන් මිනීමැරුම ඉහළ උසාවියට

ජියා ඛාන් මිනීමැරුම ඉහළ උසාවියට

සූරජ් පන්චෝලිට එරෙහිව ජියා ඛාන්ගේ මව ඉහළ උසාවියට යද්දී, සූරජ්ගේ මාපියන් ජියාගේ මවට, සූරජ්ට කරන චෝදනා ගැන සමාව ඉල්ලන ලෙසට දන්වා ඇත්තේ රුපියල් කෝටි සියයක වන්දියක් ද ඉල්ලමිනි.

නළු ආදිත්‍ය පන්චෝලි සහ සරීනා වහබ්, සූරජ්ගේ මාපියන්ය. එහෙත් ජියාගේ මව රබියා දැඩි ලෙස එය ප්‍රතික්ෂේප කරන්නීය.

මිය යන විට ජියා පෙමින් බැඳී සිටියේ සූරජ් සමඟයි. රබියා තරයේම පවසන්නේ මරණයට වගකිව යුත්තේ පෙම්වතා කියායි.

රබියා පවසන අන්දමට ඇයගේ අන්තර්ජාල ගිනුමේ තොරතුරු කිහිපවරක්ම රහසින් ලබාගෙන ඇත. එපමණක් නොව ඇයගේ විද්‍යුත් තැපෑල හරහා අනෙක් අයට පරිගණක වෛරස් යැවීමට කවුරුන් හෝ කටයුතු කර තිබෙන බව ද පවසන්නීය.