වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




හඬ ඕස්ට්‍රේලියාවේ පද ඇමෙරිකාවේ නද ලංකාවේ

හඬ ඕස්ට්‍රේලියාවේ පද ඇමෙරිකාවේ නද ලංකාවේ

සංගීතඥ සංගීත් වික්‍රමසිංහ

මම මේ දවස්වල සිරස ටීම් එකේ සුපර් ෆයිටර් වැඩ සටහනේ අලුත් තේමා ගීතයක් නිිර්මාණය කරමින් සිටින්නේ. ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ මගේ හිතවතෙක් වන නලීන් ජයවර්ධනගේ ගීත 16 ඇතුළත් සංයුක්ත තැටියක ගී තනු නිර්මාණය කරනවා.

එහි ගීත රචනය සියල්ලම අමෙරිකාවේ වෙසෙන මහාචාර්ය විකුම්ප්‍රිය පෙරේරා විසින්. ගී තනු සියල්ල ලංකාවේ සිට මම නිර්මාණය කරනවා. ගායකයා ඕස්ට්‍රේිලියාවේ ජීවත් වෙන්නේ. මෙහි විශේෂත්වය අපි තිදෙනාම හමු නොවී අන්තර්ජාලය හරහායි මේ නිර්මාණ කටයුත්ත සිදු කරන්නේ.