වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




නුවරඑළියෙන් කොළඹ ඇවිත්

නුවරඑළියෙන් කොළඹ ඇවිත්

රංගන ශිල්පී කීර්ති රංජිත්

මම නම් මේ දවස්වල හරිම සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරනවා. පසුගිය කාලයේ නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ සේවයෙන් මට පොලිස් තූර්ය වාදන කණ්ඩායමට මාරුවීමක් ලැබුණා. දැන් මම සේවය කරන්නේ කොළඹ. ඒ නිසා දැන් මට ඉස්සරට වැඩිය කලා කටයුතුවලට දායක වෙන්න පුළුවන්.

පොලිස්පතිතුමා සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්වරුන්ට මේ වෙනුවෙන් මගේ කෘතඥ පූර්වක ස්තුතිය පිරිනමනවා.