වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් ගීතය ප්‍රචාරයේ

අලුත් ගීතය ප්‍රචාරයේ

ගායක දොන් ශර්මන්

ප්‍රසංග වේදිකාව සහ රූපවාහිනි වැඩ සටහන් අතර අනෙකුත් වැඩ කටයුතු සමඟ ටිකක් කාර්යබහුල ජීවිතයක් තමයි මම ගත කරන්නේ. ළඟදී එළි දැක් වූ අලුත් ගීතය දැන් ගුවන් විදුලි නාළිකාවලින් ප්‍රචාරය කෙරෙනවා.

ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දැන් තවත් අලුත් ගීතයක් නිර්මාණය කරන්නත් මේ දිනවල සූදානම් වෙනවා. ඒ වගේම උපන් දිනයත් මේ සතියට යෙදිලා තියෙනවා. හැමදාම බොහොම විනෝදයෙන් ගත කරන නිසා එදාට නම් පින් අතේ වැඩක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.