වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රථම කතානාද චිත්‍රපටයට වසර 67 යි ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 42 යි

ප්‍රථම කතානාද චිත්‍රපටයට වසර 67 යි ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 42 යි

ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය තිරගත වී වසර හැට හතක් පිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා වසර හතළිස් දෙකක් පිරීම නිමිත්තෙන් ජනවාරි විසිඑක් වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී විශේෂ උත්සවයක් පැවැත්විණි. එහි විශේෂ ආරාධිත අමුත්තා වූයේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතායි. එහිදී ප්‍රවීණ රංගන ශිල්පී බොනිපස් ප්‍රනාන්දු වෙනුවෙන් උපහාර තිළිණයක් පිදීමට ද ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු කර තිබිණ.

මෙම උළෙලේ තවත් සුවිශේෂ අංගයක් වූයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සිනමා උළෙලක් සංවිධානය කර තිබීමයි. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් චරිත හේරත්, ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය, තිස්ස ලියනසූරිය ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය. කලා රසික රසිකාවන් රැසක් ද සහභාගි වූ මෙම උළෙලේ සුවිශේෂී අවස්ථා මාලන් කරුණාරත්නගේ කැමරා කාචයට හසුවූයේ මෙසේය.