වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




වෙනස්ම රචනාවක්

වෙනස්ම රචනාවක්

රංගන ශිල්පී බුද්ධික රඹුක්වැල්ල

මම මේ වසරේ අලුත්ම වැඩ කටයුත්තක නියැලිලා සිටින නිසා දවස ගත වෙනවා දැනෙන්නේ නෑ. ඒ මගේ අලුත්ම ගීතය එළි දක්වන්නයි මේ සූදානම් වෙන්නේ. ඒක විරහ ගීතයක්. මේ දවස්වල වඩාත් ජනප්‍රිය ගී පද රචකයෙක් වුණු සජිත් පී. චතුරංග තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. චමත් සංගීත්ගේ සංගීතය මේ විරහා ගීතය හැඩ කරනවා. ගීතයෙහි සියලු පටිගත කිරීම් කටයුතු අවසාන වුණත් රූප රචනාව කරන්නට අවශ්‍ය සියලු කටයුතු සූදානම් වෙනවා.

ලංකාවේ මෙතෙක් කරපු රූප රචනාවලට වඩා වෙනස් රූප රචනාවක් කරන්නයි මා අදහස් කරන්නේ. ඒ සඳහා ලෝකයේ තිබෙන ඉහළම තාක්ෂණය යොදා ගන්නත් අපි අදහස් කරනවා. රූප රචනාවලට පණ දෙන රනුෂ්ක ප්‍රනාන්දු තමයි මගේ ගීතයේ රූප රචනාවෙත් අධ්‍යක්ෂවරයා. මෙවර මගේ උපන් දිනයට අසන්නන්ට මගෙන් ලැබෙන උපන් දින තෑග්ගක් විදියටත් මම මෙය සලකනවා.