වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අඳුරට එළියක් එළි දකී

අඳුරට එළියක් එළි දකී

බෞද්ධ ආකල්ප සමාජය තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ උපදේශනයෙන් සහ අනුශාසන දායකත්වයෙන් නිර්මාණය වන අඳුරට එළියක් රූපවාහිනී මාලා නාටකයේ මුහුරත් උළෙල පසුගියදා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. රන්සිළු ආයතනය වෙනුවෙන් රංජිත් ප්‍රේමලාල් නිෂ්පාදනය කරන එය තිස්ස විජේකෝන්ගේ අධ්‍යක්ෂණයකි. සෝමවීර සේනානායක අඳුරට එළියක් රචනා කරනු ලබයි. නිෂ්පාදන සම්බන්ධීකරණය සහ කළමනාකරණය රංජිත් සන්දනායකගෙනි.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ලූෂන් බුලත්සිංහල, යශෝධා විමලධර්ම, සුරාජ් මාපා, මුතු තරංගා, නිලන්ති විජේසිංහ, අමිත්ත වීරසිංහ, රොෂාන් පිලපිටිය, නිපුනිකා හේවාගමගේ, කුමාර තිරිමාදුර, සංකේත් වික්‍රමගේ, සෝමසිරි කොළඹගේ, ජයනි සේනානායක, සරත් දික්කුඹුර, කුමාර රණපුර මෙහි රංගන දායකත්වය සපයති.

කිත්සිරි හේවගේ කැමරා අධ්‍යක්ෂවරයාය. පසිඳු දිල්හාන් ලියනගේ ගේ සහාය අධ්‍යක්ෂණයකි.