වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

මම දකින සබීතාගේ තෙවැනි ගමන

කවදත් මතකයෙන් ඈත් නොවන අපේ රංගන ශිල්පිණියක වන සබීතා සොයුරියනි, නැවතත් ජැක්සන් ඇන්තනීගේ නවතම සිනමාපටය වූ ඇඩ්‍රස් නෑ හි සන්ධ්‍යා ලෙස ළඟදීම අප හමුවන්නට පැමිණීම ඔබේ රංගන ජීවිතයේ තුන්වැනි ගමන වශයෙනුයි මා සලකන්නේ.
 

කොලොන්නාවේ විජේසිරි

සොමී ඔබේ රඟපෑම විශිෂ්ටයි

හිතට දුකක් නැති මිනිහෙක් සිනමා සිතුවමෙන් අනතුරුව වසර ගණනාවකට පසු සොමී රත්නායකගේ හොඳම රඟපෑම පරාවර්තන සිනමාපටයෙන් මම දුටුවෙමි.
 

දයානන්ද ද සිල්වා

සීනිගම

හික්කඩුව

සුරාජ් – හිමාලි ඇතුළුව සංගීත නර්ථන චිත්‍රපටයක් කරන්න

සුරාජ් මාපා සහ හිමාලි සිරිවර්ධන නර්ථනයට මෙන්ම රංගනයට උපන් හපන්කමක් ඇති ශිල්පීන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා යොදාගෙන සංගීතයෙන් නර්ථනයෙන් සපිරි චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ නම් එය ඉතාම සාර්ථක එකක් වේවි කියලා මම හිතනවා.
 

නිමල් කුලසේකර

අඟුලාන

රන්තරුට ප්‍රශංසා

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන රන්තරු ටෙලි නාට්‍යය ඉතාමත් හොඳයි. එබැවින් එහි නිෂ්පාදක සහ අධ්‍යක්ෂතුමන්ටත් අනෙකුත් කාර්මික ශිල්පීන් හටත් මාගේ ප්‍රශංසාව පිරිනමමි.
 

සරත් රණසිංහ

කපුගොඩ, මාළිඳ

නළු නිළියන් එකට එකතු කරන රිදී රැයක්

රිදී රැයක් පසුගිය වසර එකොළහක් පාසා අඛණ්ඩව පවත්වාගෙන ආ විචිත්‍රවත් ප්‍රසංගයකි. එහිදී අසීමිත ජනතා ප්‍රසාදයක් දිනූ නළු නිළියන් එකම තැනකට එකතුªවන සමගිය ඇති කරන ක්‍රියාදාමයක් ලෙස මම දකිමි.
 

අතුල රම්‍යසිරි

පානදුර

රිදී තිරයේ හඬ අවදි කළ ලයනල් ගුණරත්නට,

අඩසිය වසරකට ආසන්න කාලයක් ඔබ ශබ්ද පරිපාලකවරයකු ලෙස සිංහල සිනමාවට කළ සේවය අමරණීයයි. මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවන ඔබට සුබම සුබ ආනාගතයක් පතමි.
 

විජයානන්ද පොඩි නිලමේ

නුගේගොඩ

සුපිරි හපනා අවසාන වටයත් විනිශ්චය මණ්ඩලයම තෝරන්න

අයි. ටී. එන්. සුපිරි හපනා ළමා වැඩසටහන අවසන් අදියර දක්වා ගමන් කරමින් සිටියි. මේ මොහොතේ අවසන් අට දෙනා ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් මඟින් තෝරා ගනු ලබයි. බොහෝ රූපවාහිනී නාලිකා මඟින් අවසානය තෝරා ගත්තේ කෙටි පණිවුඩ මඟිනි. එහෙත් මෙම සුපිරි තරු තේරීමේ තරගාවලියේදී එසේ නොවී විනිශ්චය මණ්ඩලයෙන්ම දක්ෂයා තෝරනවා නම් ඉතාමත් අගෙයි.
 

එච්. ඉන්ද්‍රපාල

මුංහේන

තිසුරි ඔබේ චාම්කම හැමදාම රැකගන්න

තිසුරි යුවනිකා වෙතටයි,
ඔබේ චාම් බව සැමදා රැක ගන්න. ඔබ ඉන්න විදිහ හරිම අගෙයි.
 

නන්දා ලියනගේ

මහවැව

මාවෝගේ උඩු සුළඟ කුතුහලය දනවන්නක්

මාවෝ ලක්ෂිත කරුණාතිලක කලකට පෙර රූපවාහිනියට නිර්මාණය කළ ඇඟිලි සලකුණෙහි තිබූ භීතිය ත්‍රාසය කුතුහලය සහ ගුප්තභාවය අඩු නැතුව උඩු සුළඟෙහි ද තිබෙනු මට පෙනේ. අලුත විවාහයට පත් වූ දිනේ සිටම සැමියාගේ බියජනක හැසිරීම නිසා බිරියගේ පමණක් නොව මවුපියන් ද මහත් අසරණ තත්ත්වයට පත් වෙති. මෙසේ හැසිරෙන්නේ මන්ද යැයි තවමත් විසඳුමක් නැත. එය අවසානයේ ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්වනු ඇතැයි මම සිතමි.

මාවෝගේ ශෛලිය එයයි. උඩු සුළඟ හී රඟන අතුල පතිරණගේ හැඟීම් ප්‍රකාශය සහ ඉරියව් අති ප්‍රභලය. නාට්‍යය තවත් ප්‍රේක්ෂකයා වෙත ළං කරලීමට සංගීතයෙන් නවරත්න ගමගේ කර ඇති සහාය ගොඩක් වටියි.
 

ඩඩ්ලි ගෝමස්

මොරටුව

S.M.S.

රූපවාහිනී චැනල්වල නාට්‍ය විකාශය කරද්දී ඒ අතරේ ඇඩ්ස් පෙන්වනවා වැඩියි. අපි රූපවාහිනිය ඉස්සරහා ඉඳගන්නෙ නාට්‍ය බලන්න මිසක් ඇඩ්ස් බලන්න නෙවෙයි.
 

ළහිරු

නුවර.

දමිතා අබේරත්න අධ්‍යක්‍ෂණය කළ ‘සසර සරණි’ ටෙලි නාට්‍යයේ ධර්ශන් ධර්මරාජ් ඉතා සංවේදීව රංගනයේ යෙදෙනවා.
 

වික්‍රම

මිද්දෙණිය.

ජයන්ත ධර්මදාස මැතිතුමා කලාව උදෙසා කරන්නාවූ මෙහෙය උතුම්ය. ඔහුගේ අධීක්‍ෂණය යටතේ ඇති සිනෙඔස්කා පදනම කලාකරුවන්ට ආලෝකයක් බව කිවයුතුය. මම ඔහුට දීර්ඝායුෂ පතමි.
 

ලක්ෂාන්

මාතර.

නාමල් උඩුගම අනූව දශකයේ අපගේ සදාදරණීය සිහින කුමාරාය. මං ඒකාලේ නාමල්ගේ ගීතවලට පිස්සු වැටිලා හිටියේ.
 

නිලුකා

කෑගල්ල.

අමිලා නදීශානිට
මෙවර සිරස සුපිරි තරු වැඩසටහනේ හි විනිශ්චයකාර තනතුරක් දීම නිෂ්ඵල කටයුත්තක බව වැඩසටහන නරඹද්දී මට සිතින. ඇයට වඩා සංගීත ඥානය ඇති අයකු ඇගේ පුටුවට ගන්නවා නම් හොඳයි.
 

කපිල

කුරූණෑගල.

නිරෝෂා පෙරේරා මෙහෙය වන හිරු නාළිකාවේ විකාශය වන නීරෝ විත් ස්ටාර් වැඩසටහන මම ආසාවෙන් නරඹමි. එයට ඇතැම් අය විරුද්ධව නොයෙක් දෑ කියති. එහෙත් කවුරු මොනවා කිව්වත් ඔබ එය ඉදිරියටම කරගෙන යන්න.
 

සරත් කුමාර සමරජීව

කොළඹ.

දියමත ලියමි, මා බොහෝ කාලයකට පසුව නැරැඹූ හොඳ ටෙලි නාට්‍යයකි. එහි අධ්‍යක්‍ෂවරයා වන නාලක තලගල ඇතුළු නාට්‍ය කණ්ඩායමට තවත් එවන්වූ හරවත් නාට්‍යයක් අපට ඉදිරිපත් කිරීමට ධෛර්යය එක් කරමි.
 

අනුලාවතී

අවිස්සාවේල්ල.

අද චිත්‍රපටවල ෆයිට් අඩුයි. ඉස්සර චිත්‍රපටවල වගේ අද චිත්‍රපටවලත් ෆයිට් තිබුණානම් මට රහකරකර චිත්‍රපට බලන්න තිබුණා.
 

නිලූ

කුඩාගම.

දෝණී චිත්‍රපටයේ දෝණි හැටියට රඟන මෙනුලි දුව එහි තම හැකියාව මනාව විදහාලනවා. මෙයින් නොනැවතී ටෙලි නාට්‍යවලටත් එන්න කියලා මා ඔබට ආරාධනා කරනවා.
 

චන්දිමා

කොට්ටාව.

ප්‍රවීණ රංගවේදී සොමී රත්නායක පරාවර්තන සිනමාපය හරහා නැවතත් සිනමාවට පිවිස සිටීම සතුටකි. දිගටම ලංකාවේ රැඳීසිටිමින් රංගනයේ යෙදෙන්න.
 

සුමිත්

වතුරුගම.

යුරේනි නොෂිකා අක්කේ,
ඔයා සිහින සින්ඩරෙල්ලා නාට්‍යයේ සුපිරියටම රඟපානවා කියලා මට පේනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයාට තියෙන්නෙ ලස්සන ඇස් දෙකක්.
 

සම්පත්

මොනරාගල.

ජාතික නාළිකාවේ දිගහැරෙන ඉසිවර වෙදදුරු කතා මාලාව ඉතාම ආකර්ෂණීයයි.
 

සරත් මද්දුමආරච්චි

සමන්තිකා මද්දුමආරච්චි

වෑත්තෑව.

ඉෂාරා සඳමිණිට
ඔබට කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට මම ආසිරි පතමි. රුවින් අගතැන්පත් ඔබ පුංචි තිරයට මාණික්‍යයකි. අහිංසකාවක් ලෙසින් අප හදවත් පිනවන ඔබ ළඟදීම සම්මානයට පාත්‍රවේවා.
 

රත්න කහඳව

අලව්ව.

සිහින් සිනාවයි ඔබේ ළපටි මුවේ, සිහින ලොවක්, දිලීප පොඩි පුතු වැනි ගීත රැසක් ගැයූ ක්ලැරන්ස් විජේවර්ධනයන් යළි නොඑන ගමන් ගොස් බොහෝ කාලයක් ඉක්මවා ගොසිනි. ඔහු නැති අඩුව තදින් දැනෙන්නේ අදටය.
 

මුතුකුමාරණ

හබරාදූව.