වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ශාන්ත, මහේෂ් එක් වී වරා මල් තනති

ශාන්ත, මහේෂ් එක් වී වරා මල් තනති

පබා, පබළු, අමා, සඳා යන ටෙලි නාට්‍ය ඔස්සේ නරඹන්නන්ගේ හදවත දිනූ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි නාට්‍යය ‘වරා මල්’ ය.

මේ දිනවල රාත්‍රී 7.30 ට ස්වාධින රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘සිහින සින්ඩරෙල්ලා’ ටෙලි නාට්‍යයෙන් පසුව විකාශය වීමට නියමිත ‘වරා මල්’ ටෙලි නාට්‍යයෙහි වැඩ කටයුතු සියල්ල මේ වන විට අවසාන වී ඇත. එහි බිමල් ජයකොඩි, මංජුලා කුමාරි, ෂෙරිල් ඩෙකර්, මීනා කුමාරි, පැතුම් රුක්ෂාන්, ගිරිරාජ් කෞෂල්‍ය, මානෙල් වානගුරු, අනුර බණ්ඩාර රාජගුරු, ප්‍රේමදාස විතානගේ, රෝහිත අබේගුණවර්ධන, සමන් සොයිසා, මෙලනි අශෝකා, අභිෂේක් සොයිසා, ධම්මික අලුත්ගෙදර, නවාස් ජයතිලක, අජිත් නයනප්‍රිය, කාන්ති ලංකා, අයෝධ්‍යා මිහිරාවි ඇතුළු නළු නිළියන් රැසක් රඟන ‘වරා මල්’ හි සහාය අධ්‍යක්ෂණය චන්දන විජේකෝන්ගෙනි.

සුනෙත් හෙට්ටිආරච්චිගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, කොට්ටාරමුල්ලේ චමිලගේ කලා අධ්‍යක්ෂණයෙන් ද, අකිල සුදේශ්ගේ අංග රචනයෙන් ද ‘වරා මල්’ හැඩ වෙති. නිෂ්පාදන කළමනාකරණය වික්ටර් කුරේ ගෙනි. සංස්කරණය අනූෂ ජයවර්ධනයි. සංගීතය චන්දන වැලිකලයි. කතාව, දෙබස් හා තිර රචනය මහේෂ් රත්සර ආරච්චිගෙනි. නිෂ්පාදනය යෙහෙත්මා ෆිල්ම්ස් වෙනුවෙන් අසංක පුෂ්පකුමාර සමඟ තිලක් කොඩිතුවක්කු.