වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




රාගධාරි ගිටාර් වාදනයෙන් ලංකාවෙන්ම ජය ලැබූ

රාගධාරි ගිටාර් වාදනයෙන් ලංකාවෙන්ම ජය ලැබූ

කවීෂා සත්සරණී

විවිධ වූ දක්ෂතා ඇති දූ පුතුන් අපේ රටේ කොතෙකුත් වෙති. ඒ අතරින් බොහෝ දෙනෙකුගේ හැකියාවන් දක්ෂාවන් වනයේ පිපුණු මල් මෙන් පරව යයි. රටට දැයට එවැනි දූ පුතුන් අගය කළ යුතු කාලයයි මේ.

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන ආර්. ඒ. කවීෂා සත්සරණී එවැනි දක්ෂතා සපිරි දැරියකි. ඇය 2013 සමස්ත ලංකා පාසල් රාගධාරී ගිටාර් වාදන (ඒකල) අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට තරම් වාසනාවන්ත වූවාය. ඇය නිට්ටඹුව බෞද්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේදී සංගීතය හැදෑරීමට මුල පිරුවාය.

ක්‍රීඩා අංශයෙන් සැලකිය යුතු ජයග්‍රහණ මෙන්ම ශිෂ්‍ය නායිකා ධූර ද ලබමින් සෙසු සිසු සිසුවියන් හමුවේ නිරතුරුවම කැපී පෙනුණි. 3, 4, 5 ශ්‍රේණිවලදී පද්‍ය ගායනා අංශයෙන් බස්නාහිර පළාත නියෝජනය කරමින් ඇය ජයග්‍රහණ රාශියක් අත්පත්කර ගන්නට සමත් විය. තවද සමස්ත ලංකා පාසල් තරගය 2012 රාග ආශ්‍රිත නිර්මාණ තරගයේ සහාය වාදන අංශයෙන් ප්‍රථම ස්ථානය ද සතුකර ගත්තාය.

කවීෂාට මේ තරම් කලා හැකියාවක් පිහිටා තිබෙනුයේ ඇගේ මවගේ ආභාෂයෙනි. එමෙන්ම කවීෂාගේ නිසඟ හැකියාව, නොමඳ උත්සාහය මේ ගමන් මෙඟ් ජයග්‍රහණයේ රහසයි.

‘මගේ අම්මා යටියන කණිෂ්ඨ විද්‍යාලයේ සංගීත ආචාරිණී කේ. ඒ. සුමුදු නිරෝෂා කුමාරසිංහයි. පුංචි කාලේ ඉඳන්ම මාව සංගීත ක්ෂේත්‍රයට යොමු කළේ මගේ අම්මා. කවදා හරි දවසක අම්මා වගේම සංගීත ක්ෂේත්‍රයෙන් ඉගෙන ගෙන කථිකාචාර්යවරියක් වීම මගේ බලාපොරොත්තුªªවයි. මගේ තාත්තා, නංගිලා වගේම විශේෂයෙන් සිරිමාන්න විදුහල්පතිතුමා, දේශප්‍රිය සර්, රවීන්ද්‍ර ප්‍රසාද් සර් මා ලැබුූ ජයග්‍රහණ පිටුපස යෝධ සෙවණැලියි.

කලා හැකියාවෙන් පිරිපුන් කවීෂාට සුබ පතන්න ඔබටත් පුළුවනි. 0332293459 ඇගේ දුරකතන අංකයයි.