වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




විද්‍යාට පද්ම ශ්‍රී සම්මාන

විද්‍යාට පද්ම ශ්‍රී සම්මාන
 

සම්මානය විද්‍යා බාලන්ට නුහුරු නුපුරුදු දෙයක් නොවෙයි. සිනමා සම්මාන කොතෙක් ලැබුණත් ඒ සියල්ලටම වඩා ඇයට නොබෝදා ඉන්දීය රජයෙන් පිරිනැමුණු පද්ම ශ්‍රී සම්මානය වටින්නේය.

සම්මානය සඳහා නිර්දේශ වූ විට කතා කර ගැනීමට වචන නැතිවීමට තරම් ඇයගේ සතුට ඉහවහා ගියේය. ඇය සම්මානය සිය පවුලට තිළිණ කරන්නීය.

මෙවර පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබන අනෙක් විශිෂ්ට, සම්මානනීය රංගධරයන් වන්නේ කමල් හසන් සහ පරේශ් රාවල්ය.