වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




විජය කුමාරණතුංග නාට්‍ය උලෙළේ අවසන් වටය

විජය කුමාරණතුංග නාට්‍ය උලෙළේ අවසන් වටය

දිවංගත විජය කුමාරණතුංගයන්ගේ 26 වැනි ගුණානුස්මරණ සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව පැවැත් වූ කෙටි නාට්‍ය තරගාවලියේ අවසන් වටය පෙබරවාරි 03 වැනිදා බෞද්ධාලෝක මාවතේ පිහිටි සුදර්ශි හිදී පැවැත්වීමට නියමිතය.

සුජීව කුමාර සෙනෙවිරත්න ගේ ‘අනුගාමික’, තරුෂි දිව්‍යාංජලී පෙරේරා ගේ ‘විරිය දහිරිය’, චානක දර්ශන පුනාන්දු ගේ ‘එකම කුඩය යට’, සංජීව උපුල් පතිරගේ ගේ ‘මට තනියම පුළුවන්’, කෞෂල්‍යාද සිල්වා ගේ ‘මල් පිපුණු තල් අරණ’ සහ රන්දික විමලසූරිය ගේ ‘ලණුව‘ යන කෙටි නාට්‍ය අවසන් වටය සඳහා තේරී පත්ව ඇත. ජාතික මහජන සහෘද සංසදයේ නාට්‍ය කමිටුව විසින් මෙය සංවිධානය කරන ලදී.