වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




කීර්ති රට පුරා

කීර්ති රට පුරා

ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මේ දවස්වල ඉන්නේ හරිම සතුටින්. මේ සතුටට හේතුව පසුගියදා ඔහු ඉදිරිපත් කළ කීර්ති එකොස්ටිකා අන්ප්ලග් ලයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගය. පසුගිය වසරේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැති ප්‍රසංගයෙන් පසු කොළඹින් පිට පළාත්වලත් මේ ප්‍රසංගයට විශාල ආරාධනා ප්‍රමාණයක් ඇවිත්.

ඒක තමයි කීර්තිගේ මේ සතුටට හේතුව වෙලා තියෙන්නේ. ඒ වගේම කීර්ති මෙහෙයවන නුගේගොඩ සවුන්ඩ් ඔෆ් මියුසික් ආයතනයේ සහ නාරාහේන්පිට ට්‍රිනිටි ඇකඩමි ඔෆ් මියුසික් ආයතනයේත් නවක සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ කරලා තියෙන්නේ. එහිදී ගායනය, වාදනය, කටහඬ පුහුණුව සහ ට්‍රිනිටි කොලේජ් ඔෆ් ලන්ඩන් විභාගය සඳහා සංගීත පුහුණුව ලබා දෙන්න සූදානම්.

මේ විදියට සංගීත පුහුණු ආයතනයන්හි කාර්යබහුලත්වය සමඟ දින වෙන් කරන්න ටිකක් අපහසු වුනත් ලැබෙන ආරාධනා ගොන්නනෙන් තෝරාගත් ප්‍රදේශ කිහිපයක කීර්ති එකොස්ටිකා ප්‍රසංගය පවත්වන්න කීර්ති තීරණය කරලා. ඒ අනුව ලබන පෙබරවාරි 2 වැනිදා මීගමුව ආවේ මරියා විද්‍යාලයීය රංග ශාලාවේත් පෙබරවාරි 07 වැනිදා මහනුවර ධර්මරාජ විද්‍යාලයීය රංග ශාලාවේදීත් මෙම ප්‍රසංගය පවත්වන්න කටයුතු දැනටමත් සූදානම් කරලා අවසන්.