වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අවසන් පැතුම

අවසන් පැතුම

නිළියකට හිස බූ ගාන්නට සිතීම පවා දුෂ්කරය. චරිතයකට හිස බූ ගෑවත් එය බෙහෙවින්ම අගය කෙරෙන්නේ ඒ නිසයි. එහෙත් එය සුන්දර තරුණියකගේ අවසන් බලාපොරොත්තුව විය හැකියි සිතන්න පුළුවන් ද?

වයස අවුරුදු විසි තුනක් වැනි ලාබාල වයසක පසුවන නිළි ක්‍රිස්ටීන් ස්ටුවර්ට් මියැදෙන්නට ප්‍රථම හිස බූ ගාන බව පවසන්නීය. ඒ තවත් අරමුණක් ද ඇතිවයි. බූ ගෑ හිසේ ටැටූවක් කෙටීමට ද ඇය බලාපොරොත්තු වන්නීය. එහෙත් ඒ ටැටූව කුමක්දැයි කියා නම් ඇයට තවමත් සිතා ගැනීමට හැකි වී නැත. හිසේ පිටුපස පහළට වන්නට බොහෝ දුරට ඇය ටැටූව කොටන්නට ඉඩ තිබේ. එහෙත් ඒ ගැන ද තවමත් ස්ථිර අදහසක් ඇයට නැති පාටය.

‘නිළියක නොවුණා නම් හිසකෙස් කපනවා. විවිධ වර්ණ ගල්වනවා. තරුණයකු වාගේත් කොණ්ඩය කපනවා.’ ඇය පවසන්නීය.