වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




තුවාල වෙලත් ලොකේෂන් එකට

තුවාල වෙලත් ලොකේෂන් එකට

සුගත් ජානක කියන්නේ මෙරට රංඟන ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය තරුවක්. සුගත්ට පසුගිය දවසක ටෙලි නාට්‍යයක ෂූටිං තිබුණේ රාජගිරියේ. ඔහු එදා ෂූටිං තියෙන තැනට ගියේ ඔහුගේ මෝටර් බයිසිකලයෙන්.

කොහොම හරි අතර මඟදි පාරට පැනපු බලු පැටියෙක් බේරන්න ගිහින් සුගත්ගේ බයික් එක ඇක්සිඩන්ට් වුණා. සුගත්ටත් ටිකක් තුවාලයි. හැබැයි ඉතිං තුවාල වුණාට මොකද සුගත් ගියේ බෙහෙත් දාන්න ඉස්පිරිතාලෙට නම් නෙවෙයි. ලොකේෂන් එකට.

සුගත් දැක්ක ගමන් ලොකේෂන් එකේ අයත් හොඳටම බය වුණා. ෂූටිං සේරම නවත්තලා ඔහුට බෙහෙත් දාන්න එක්කරගෙන ගියා. ඒ ඉතිං සුගත්ගේ හැටි නේ. මොනවා වුණත් භාර ගත්තු වැඩේ අංක එක.