වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




හරිම කාර්යබහුලයි

හරිම කාර්යබහුලයි

රංගන ශිල්පී සේනක විජේසිංහ

මේ දවස්වල මම සිනමා රංගනය හා සිනමා සටන් කලාව පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කළා. ඒ වගේම අවිස්සාවේල්ල, රත්නපුර, මහනුවර, ගම්පහ, පානදුර, නිට්ටඹුව සහ නුගේගොඩ අලුත් සටන් කලා පංති ආරම්භ කළා. මම ඉදිරියේදී අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තු වෙන පුංචි බෲස්ලි ළමා සටන් චිත්‍රපටය සහ කළු මකරා සටන් චිත්‍රපටය වෙනුවෙන් සටන් කලාව උගත් දරුවන් දෙසීයක් විතර දායක කර ගන්න බලාපොරොත්තුවෙන් තමයි මේ කටයුතු ආරම්භ කළේ. මේ දවස් ඒ නිසා හරිම කාර්යබහුල වෙලා තියෙන්නේ.