වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සමනළ සංධ්වනිය දින සියය සපුරයි

සමනළ සංධ්වනිය දින සියය සපුරයි

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ සමනළ සංධ්වනිය සිනමාපටය තිරගත කොට පසුගිය දිනට දින සියය සපිරිණි. ඉහළ ආදායමක් උපයමින් ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවධානයක් දිනාගත් එහි අඩංගු ගීත ද අතිශය ජනප්‍රියත්වයක් ලැබීය. මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා ඉන් විශේෂිතය.

රූ සිනමා වෙනුවෙන් රුවන් ජයසිංහ සමඟ පාලිත ගුණවර්ධන නිෂ්පාදනය කළ මෙහි උද්දික ප්‍රේමරත්න, යශෝධා විමලධර්ම, රොජර් සෙනෙවිරත්න, බුද්ධදාස විතානආරච්චි, පුබුදු චතුරංග, දමිතා අබේරත්න, චතුරිකා පීරිස්, විල්සන් ගුණරත්න, රොෂාන් පිලපිටිය, රෙබෙකා නිර්මාලි, චංචලා වර්ණසූරිය, දිමුතු චින්තක, උදිත ගුණරත්න, රාජා ගනේෂන්, ශිරානි කොස්තා ඇතුළුව හඳුන්වා දුන් සූර්යා සඳරුවන් සහ බුද්ධිනී පූර්ණිමා රංගනයේ යෙදෙති.

ජැක්සන් ඇන්තනී, අනර්කලී ආකර්ෂා, චන්න විජේවර්ධන, බුද්ධික ජයරත්න විශේෂ ආරාධිත රංගනයෙන් දායක වෙති.