වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




දේශ මාමක, දේශ ශක්ති විශාකා

දේශ මාමක, දේශ ශක්ති විශාකා

අපේ රංගන ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන විශාකා සිරිවර්ධන පසුගිය දා සම්මානනීය වුණා. මෙරට කලා ක්ෂේත්‍රයට කළ සේවය අගැයීම වගේම සහජ දක්‍ෂතාව සහ ප්‍රවීණත්වය වෙනුවෙන් ඇය දේශ මාමක, දේශ ශක්ති ගෞරව කීර්ති, ජාතික ගෞරව නාම උපාධි සම්මානයෙන් පිදුම් ලැබුවා. කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැති සම්මාන උලෙළේ දී විශාකාට මෙම ගෞරව සම්මානය පුද කළේ සමස්ත ලංකා සංස්කෘතික පදනම විසින්.