වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




දුව වීණාගේ අධිෂ්ඨානය මල්ඵල ගැන්වෙන දවස 02 දා

දුව වීණාගේ අධිෂ්ඨානය මල්ඵල ගැන්වෙන දවස 02 දා

- එඩ්නා සුගතපාල

 

එඩ්නා සුගතපාල කියන්නේ අපට සිටින දක්ෂම සිනමා නිළියක්. එමෙන්ම ඇය ප්‍රකට ජ්‍යෙතීර්වේදිනියක් ද වෙනවා. එඩ්නාට එඩ්නා වගේම සුරූපී දියණියක් සිටිනවා. ඇය වීනා ප්‍රනාන්දු. එඩ්නා තම දියණි වීණා ගැන අපූරු කතාවක් හෙළිදරව් කළා. එය ඇගේම වචනයෙන් මෙන්න මෙහෙම අප සටහන් කළා.

මේ සිද්ධිය වුණේ 1988 අවුරුද්දේ. එතකොට දුවට අවුරුදු 12 යි. ඒ කාලයේ කීර්ති පැස්කුවල්ගේ ෂෝ එකක් තිබුණා අප පදිංචිව සිටි මීගමුවේ. ඇය කීර්තිගේ හඬට බොහෝ සෙයින් ප්‍රිය කළා. ඒ ෂෝ එක බලලා දුව කිව්වා කවදා හරි මමත් මේ වගේ ප්‍රසංගයක් කරනවා කියලා. ඇයගේ අධිෂ්ඨානය හරියටම හරි. එදායින් හරියට වසර 25 කට පසු ඇය කීර්තිගේ ප්‍රසංගයක් සංවිධානය කළා. ලබන මස 02 වැනිදා මීගමුව ආවේ මරියා කොන්වන්ට් එකේ ශාලාවේදී එය පැවැත්වෙනවා.